Back

ⓘ සංස්කෘතිය - සංස්කෘතිය, කකුටෙනි සංස්කෘතිය, ශ්‍රී ලාංකීය සංස්කෘතිය, දේශපාලන සංස්කෘතිය, ‍දේශපාලන සංස්කෘතිය, හිපි සංස්කෘතිය, ලාඕසයේ සංස්කෘතිය, ජපන් සංස්කෘතිය ..




                                               

සංස්කෘතිය

සංස්කෘතිය සංස්කෘතිය යන පදය නිර්මාණය වී ඇත්තේ ඉංග්‍රීසියේ යෙදෙන නමැති වදනට අනුරුපීවය. මානව චර්යාව එනම් වාචික හා වාචික ‍නොවන නිෂ්පාදන ඇතුළත් ‍‍භෞතික නොවන සංස්කෘතිය අදාළ කරගත් සියල්ල පොදු‍වේ සංස්කෘතිය ලෙස සැලකේ. එහෙත් සංස්කෘතිය යන පදය විවිධ අවස්ථාවල නොයෙකුත් අර්ථ නිරූපණය කරයි. එසේම සාමාන්‍ය ව්‍යවහාරයේ ගත්කළ සංස්කෘතිය යන අර්ථයේ උසස් පහත් බවක් යනුවෙන් ශිෂ්ට සහ අශිෂ්ට යනුවෙන් බෙදීමක් දක්නට ඇත. උදා: ශිෂ්ට සංස්කෘතිය යැයි කී විට එයින් අදහස් වන්නේ ඉහළ පන්ති නි‍යෝජනය කරන සමාජය සම්බන්ධ කර ගත් චර්යාවයි. අශිෂ්ට යයි කී විට ම්ලේච්ඡ සමාජවල සංස්කෘතිය ගැන කියවේ. ඒ කෙසේ සංස්කෘතිය සමාජ සංවර්ධනයේ අනන්‍යතාවය පිළ ...

                                               

කකුටෙනි සංස්කෘතිය

කුකුටෙනි සංස්කෘතිය පැවතියේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවලය.මෙය ‘ට්‍රයිපිලියන්’ හෝ ‘ට්‍රයිපොලි’ සංස්කෘතිය ලෙසද හදුනා ගැනේ. පැරණි නවශිලා යුගය හෙවත් ක්‍රි.පූ. 5500 – 2750 කාලයේ දී මෙම සංස්කෘතිය දිප්තිමත්ව වැජඹින. එමෙන්ම වෙනිජර් - ඩෙනිපර්හා වර්තමාන රෝමානු ටොප්ඩෝවේනියානු හා යුක්රේනියානු ආගම තුළද මේ සංස්කෘතිය දක්නට හැකිවිය.

                                               

ශ්‍රී ලාංකීය සංස්කෘතිය

පුරාතන යුගයේ ශ්‍රි ලාංකීය සංස්කෘතිය විවිධ වු අංශයන්ගේ ආභාෂය ලැබ වෙනස්වීම්වලට ලක් විය. බොහොමයක් වෙනස්වීම් සඳහා හේතු පාදක වී ඇත්තේ ආගමික හා ලන්දේසි,පෘතුග්‍රීසි මෙන්ම ඉංග්‍රීසි ආක්‍රමණයන්ය.

                                               

දේශපාලන සංස්කෘතිය

දේශපාලන සංස්කෘතිය යනු රටවැසියන්ගේ දේශපාලන හැඩ ගැස්ම,දේශපාලන ‍නෛතික භාවය පිළිබදව ඔවුන්ගේ හැඩ ගැස්ම,දේශපාලන ක්‍රියාවලියේ සම්ප්‍රදායන් සහ දේශපාලන සමාජයක් ගොඩනැගීම සඳහා තෝරා පත් කරගත් පුද්ගලයන්ගේ අදහස් ය. දේශපාලන සංස්කෘතිය යනු කුමක්ද? එය රාජ්‍යය, දේශපාලන හා ආර්ථික කටයුතු කර ගෙන යාම පිළිබද විශ්වාස පද්ධතයකින් සමන්විත වූ විශේෂ රටාගත දේශපාලන දර්ශනයකි.දේශපාලන සංස්කෘතිය,ජාතීන්ට,රාජ්‍යයන්ට සහ වෙනත් කණ්ඩායම්වලට අනන්‍ය දේශපාලන වෙනසකට රාමුවක් සකසයි. දේශපාලන සංස්කෘතිය දේශපාලන මත වාදයෙන් වෙනස් වේ. පුද්ගලයන්ට මතවාදයකට විරුද්ධ වීමෙන් දේශපාලන සංස්කෘතියක් බෙදා හදා ගැනීමට හැක.එහෙත් සමහර මතවාදයන්ගෙන් පවත්නා තත් ...

                                               

‍දේශපාලන සංස්කෘතිය

දේශපාලන ක්‍රමයක ව්ධ්මත් ආයතනික පිළිවෙළ සහ සැබෑ චර්්‍යාව අතර ඇති සබඳතාව අවබෝධ කරගැනීමට උපකාරී වන සංකල්පයක් වශයෙන් දේශපාලන සංස්කෘතිය යන සංකල්පය හදුන්වා දිය හැකිය. දේශපාලන සංස්කෘතිය යන සංකල්පය දේශපාලන විද්වතුන් අතර වඩාත් ජනප්‍රිය වන්නේ 1950 දශකය තුළදීය. දේශපාලන සංස්කෘතිය යන සංකල්පය කේන්ද්‍රකරගෙන එදා සිට මේ දක්වා දේශපාලන විද්‍යා විෂය භූමිය තුළ ලියවිලි විශාල ප්‍රමාණයක් එකතු වී ඇත. දේශපාලන සංස්කෘතිය සංකල්පයේ පුරෝගාමී දේශපාලන විද්‍යාඥයන් වන ආමන්ඩ් හා වර්මා විසින් දේශපාලන සංස්කෘතිය දේශපාලන ක්‍රමයක් තුළ ජීවත් වන සාමාජිකයන්ගේ,දේශපාලනය උදෙසා යොමු වූ පුද්ගල ආකල්ප වල රටා විලාශය pattern of individual at ...

                                               

හිපි සංස්කෘතිය

ප්‍රධාන සංස්කෘතියක ලක්‍ෂණ ඇතුළත්වු,තමන්ටම අවේණික සමාජ හරපද්ධතියක් නිර්මාණ කොටගත් උප සංස්කෘතියක් ලෙස හිපි සංස්කෘතිය හැදින්විය හැකිය.නවසීලන්තය,ජපානය,මෙක්සීකෝව බ්‍රසීලය,කැනඩාව ආදී කොටගත් යුරෝපයේ ‍බෝහෝ රටවල මෙම සංස්කෘතිය ව්‍යාප්තව පැවතුනද, මූලික ලෙස හිපි සංස්කෘති‍යේ ප්‍රභවය දැකගත හැකි වුයේ ඇමරිකානු සමාජය තුළිනි.1960 දශකයේ මුල් භාගයේ ඇරඹි මෙම හිපි සංස්කෘතිය මුල් කාළීන යුගයේදි සමාජ හා සංස්කෘතික ව්‍යාපාරයක් ලෙස දැකිය හැකි විය. තරැණ කොටස් රෑසකගේ ඵකතුවක් මෙහි දැකගත හැකි වු අතර,මෙම තරැණ කොටස් වයස අවුරැදු 15-25 දක්වා වයස් කාණ්ඩ වලින් යුක්ත විය.නිදහස සහ ස්වාධීනත්වය ප්‍රිය කළ මොවුන් බොහෝ දෙන,ඇමරිකානු ම ...

                                               

ලාඕසයේ සංස්කෘතිය

වසර දහස් ගණනක් මුළුල්ලෙහි අග්නිදිග ආසියාවේ සිදුවූ වෙළෙඳ හා සංක්‍රමණයන්ගේ දේශීය සන්ධිස්ථානයක් ලෙස ලාඕසයේ සංස්කෘතිය සහ සිරිත් විරිත් සංවර්ධනය විය. 2012 වන විට ලාඕසයෙහි ජනගහනය දළ වශයෙන් මිලියන 6.4ක් පමණ විය. ඔවුන් වර්ග කිලෝමීටර් 236.800ක භූමි ප්‍රමාණයක් තුළ විසිරී ගොස් සිටි අතර, ආසියාවේ අඩුම ජනගහනය ඝනත්වයකින් හෙබි රටක්ද විය. ලාඕසයෙහි නිළ වශයෙන් ජාතීන් 47කට අධික ප්‍රමාණයක් හඳුනා ගෙන ඇති අතර ඔවුහූ උප සමාජ 149කට සහ විවිධ භාෂා 80කට පමණ බෙදී ගොස් තිබේ. රටෙහි ඉතිහාසය පුරාම සඳහන් වන ලාඕ ජනයා, ලාඕසයෙහි ජනවාර්ගික සහ භාෂාමය බහුතරය වේ. අග්නිදිග ආසියාව තුල සාම්ප්‍රදායික ලාඕස සංස්කෘතිය, භාරතීය සංස්කෘතීන්ග ...

                                               

ජපන් සංස්කෘතිය

ජපානයේ සංස්කෘතිය ප්‍රාග් ඓතිහාසික ජෝමොන් යුගයේ සිට ආසියානු, යුරෝපීය සහ උතුරු ඇමරිකානු ආභාෂය ලබන සමකාලීන නූතන සංස්කෘතිය දක්වා වන සහශ්‍රය පුරා මහත් සේ වෙනස් වී ඇත. ජපානයේ ක්‍රි.පූ. 1000ත් 300ත් අතර කාලයේ ජපානයේ පදිංචි වූ යයොයි ජනයාගෙන් ජපන් දේශීය සංස්කෘතිය මූලිකව ම හට ගනී. යයොයි සංස්කෘතිය ස්වදේශික ජෝමොන් සංස්කෘතියත් සමඟ මුසු වී ප්‍රධාන දූපත වන හොන්ෂූ වෙත සීග්‍රයෙන් ව්‍යාප්ත විය. තක්සේරුගත පරිදි, නූතන ජපන් ජනයාගෙන් 80% ක් යයොයි පරම්පරානුගත වන අතර 20% ක් ජෝමොන් පරම්පරානුගත වේ. මූලිකව ම ජපන් සංස්කෘතියට පුරාතනයේ සිට මධ්‍යතන යුගය දක්වා බහු චීන රාජවංශයන්ගේ මෙන් ම සුළු වශයෙන් අනෙකුත් ආසියාතික රටවල ...

                                               

එක්සත් රාජධානිය

කට වහරේ එක්සත් රාජධානිය හැදින්වෙන මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය යනු යුරෝපයට අයත් මහා බ්‍රිතාන්‍ය දූපත හා අයර්ලන්ත දූපතේ උතුරු කොටස ආවරණය කෙරෙන රටකි. මෙයට එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය හා උතුරු අයර්ලන්තය යන රටවල් ද මෑන් දූපත් හා චැනල් දූපත් ද අයත් වේ. අගනුවර: ලන්ඩනය. රජ බස: ඉංග්‍රීසි. ව.කි.මි. 244.129ක් තරම් මෙම රටෙහි 1991 වසරේ දී ජනයා 55.700.000ක් විසූහ. රාජ්‍ය පාලනය සිදුවන්නේ ලන්ඩන් නගරය කේන්ද්‍ර කරගත් පාර්ලිමේන්තු පද්ධතියක් මගින් වන නමුත් පිළිවෙලින් උතුරු අයර්ලන්තයේ, වේල්සයේ සහ ස්කොට්ලන්තයේ අගනගර වන බෙල්ෆාස්ට්, කාර්ඩිෆ් සහ එඩින්බර්ග් යන නගර සඳහා ද බලය විමධ්‍යගත කර තිබ ...

                                               

කුල ක්‍රමය - සිංහල

19 ශත වර්ෂයේ බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද මුදලි පන්තියේ ප්‍රතිඵලයක් ලෙස සිංහල ජනගහණයේ වැඩි කුල ප්‍රතිශතයක් දැන් හිමි වී ඇත්තේ ගොයිගම කුලයටයි. සිංහල ජනගහණයෙන් භාගයක් පමණ ගොයිගම කුලයේ අය බව දකින්නට පුලුවන. මොවුන්ගේ සාම්ප්‍රදායික රැකියාව ගොවිතැනයි. ශ්‍රී ලංකාවේ හැම ගමකම වාගේ එකී කුලයේ අය තවමත් ගොවියෝ වෙති. සාම්ප්‍රදායික සිංහල සමාජයේ ඔවුහූ සාමාන්‍යය ගැමියෝ වෙති. එහෙත් ශ්‍රී ලංකාවේ පැවත ආ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීමෙන් පසු ඔවුන්ගේ තරාතිරම, තත්ත්වය පුදුමාකාර ලෙස ඉහළ ගියේය. ඉඩම් අයිතිකාර සංකල්පයට මාරු කිරීම නම් ලන්දේසීන් ඇති කරනු ලැබූ හඳුන්වා දීමෙන් ඉඩමට තිබුණු බැඳීමෙන් ඔවුන් නිදහස් විය. ස ...

                                               

කුලය - සිංහල සම්ප්‍රදායික

සමාජයක් යනු සංකීර්ණ ජන සබඳතා හා ආයතනික රටාවන්ගෙන් ගැවසී ගත් සාර්ව ඒකකයකි. එනම් යම් යම් සමාජ ක්‍රියාවන් හා ඒවායේ ප්‍රතිඵල ලෙසින් ගොඩ නැගී පවතින සංස්ථාදියේ සමස්ථ සංකලනයකි. මෙම ක්‍රියාවන් හා සබඳතා වල එක්තරා පෙළ ගැසීමක් දැකිය හැකි වෙයි. එක පිට එක වැටුණු තට්ටු පරිද්දෙන්, උස් පහත් ස්වරූපයෙන් දැකිය හැකි වූ මෙම ස්ථර ගත බව සමාජය තුළ බොහෝ කාලයක සිට දක්නට තිබූ බවට සාධක ඇත. පුද්ගලයාගේ උස් පහත් බව නැතිනම් පුද්ගලයා සමාජ ස්ථරයේ අයත් මට්ටම තීරණය කරනු ලබන එක් ස්ථරයක් ලෙස කුලය දැක්විය හැකිය. කාරාව කාරාව කුලය යනු රෝහන රාජධානියේ ශත්‍රීය නෑ පරපුර වන අතර, ඔවුබ් කෝරව යන නාග වාන්ශික රාජකීයන් වෙයි. එම නාගවාන්ෂික බ ...

                                               

ගම්මඩුව ශාන්තිකර්මය

ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශවල පැවැත්වෙන යාතුකර්ම අතර ප්‍රධාන යාතුකර්මයක් වන ගම්මඩුව ශාන්තිකර්මය සිංහලයන්ගේ රෝග නිවාරණ හා සශ්‍රීකත්වය අරමුණු කරගත් ප්‍රධාන ශාන්තිකර්මය වෙයි. ගම්මඩුව ශාන්තිකර්මය, රෝග නිවාරණ යාතු කර්මයක් ලෙස දෙවොල් මඩුව නමින් රුවන්වැල්ල ප්‍රදේශයේ දී ආරම්භ වී මාතර, බෙන්තර සහ රයිගම යන ප්‍රධාන නර්තන සම්ප්‍රදායයන් තුනෙන් සමන්විත පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්තිකර්මය බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ උඩරට, පහතරට සහ සබරගමු වශයෙන් ප්‍රධාන නර්තන සම්ප්‍රදායයන් තුනක් පවතින අතර, පහතරට ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇත්තේ පහතරට නර්තන සම්ප්‍රදායයි. පහතරට නර්තන සම්ප්‍රදායට අයත් ශාන්තිකර්ම සඳහා ප ...

                                               

ජනමාධ්‍ය පාසල

ජන මාධ්‍ය පාසල යනු පාසලක් හෝදෙපර්තමේන්තුවක් ‍වන අතර සාමානයෙන් එය පිළිගත් විශ්ව විද්‍යාලයක කොටසක් වේ. ජනමාධ්‍යකරුවන් පුහුණකරුවන්ය. ජනමාධ්‍ය දෙපාර්තමේන්තුවක පාසල හෝ උසස් විද්‍යාලයක ජේ. පාසල යන කෙටි නමින් ජනමාධ්‍ය පාසල හඳුන්වයි. අතීතයේ සහ වර්තමානයේ සිටින බොහෝ ප්‍රසිද්ධ සහ පිළිගත් ජනමාධ්‍යකරුවන් ජනමාධ්‍යය පිළිබඳ විධිමත් පුහුනවක් නොමැති නමුත් ඔවුන්ගේ වෘත්තියේ හැකියාව ඉගෙන ගනු ලබන්නේ බොහෝ විට පිටපත් රචිත/ රචිකාවක් ලෙසිනි. නුතන ලෝකයේ බොහෝ පෙදස්වල ජනමාධ්‍යකරැවන් විශ්වවිද්‍යාල මට්ටමේ පුහුණුවක්, පර්යේෂණ හැකියාවන්, සම්මුඛ සාකච්ඡා ක්‍රම හා ලඝු ලේඛණය ආදී තාක්ෂණික හැකියාවන්ද මාධ්‍ය න්‍යායන්ද, සංස්කෘතික ...

                                               

දහඅට සන්නිය

පහතරට ප්‍රදේශයේ පවත්වන තොවිල් වර්ග හතරෙන් එකක් වන සන්නි යකුම, දහඅට සන්නිය වශයෙන් ප්‍රසිද්ධය. ඉතාම බලසම්පන්න ශාන්ති කර්මයක් ලෙස සැළකෙන මෙය ගමකට හෝ ප්‍රදේශයකට සෙත්පතා කරනු ලබන පොදු ශාන්ති කර්මයක් මෙන්ම කිසියම් රෝගී තැනැත්තෙකුට හෝ එවැනි පවුලක් අරභයා කරන ශාන්ති කර්මයක් වශයෙන් හැඳින්විය හැක. මාතර ප්‍රදේශය තුළ සන්නි යකුම නටනු ලබන්නේ බයවීම, ඉදිමීම, බෙල්ලේ ඇවිලීම, සිහි මූර්ඡාව, අංශ ඉදිමීම, අංශභාග වැනි රෝග සඳහා වන අතර මෙම රෝග සන්නි යකා විසින් ඇති කරන සන්නි රෝග වශයෙන් හඳුන්වයි. වැලිගම සම්ප්‍රදායට අනුව සන්නි යකා විසින් ඇති කරනු ලබන ඇඟ සීතල වීම, අංශයක රුදාව, බිබිලි ගෙඩි හටගැනිම, නිතර උණ ගැනීම, අංශභාග ...

                                               

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශය

ලෝකයේ මුලින්ම ජනාවාස බිහිවූ රටවලින් එකක් වන්නේ ශ්‍රී ලංකාවයි. මීට වසර 2500 කට පමණ පෙර විජය කුමාරයාගේ පැමිණීමටත් පෙර සිටම ශ්‍රී ලංකාවේ විවිධ මට්ටමේ ජනාවාස පැවති බවට සාක‍ෂි තිබේ.විජය කුමාරයාගේ පැමිණීමෙන් පසුව ක්‍රමවත් අයුරින් ජනාවාස බිහිවිය.විජය කුමරු සමග ශ්‍රී ලංකාවට පැමිණි පිරිස් විවිධ ස්ථානයන්හි ජනාවාස පිහිටුවාගත් බව මහා වංශයේ සදහන් වේ.මෙසේ පිහිටුවා ගනු ලැබු එක් ජනාවාසයක් වූ අනුරාධපුරය පසු කාලයේදී සීඝ්‍ර දියුණුවකට ලක්විය. 13 වන සියවසින් පමණ පසු දකුණු ඉන්දීය ආක්‍රමණ හේතුවෙන් සිංහල රාජධානි ක්‍රමයෙන් නිරිත දෙසට සංක්‍රමණය වූ අතර,ඒ සමගම ජන සංඛ්‍යාවද,ජනාවාසද එම ප්‍රදේශ වලට සංක්‍රමණය විය.ඒ අනුව ...

                                               

ශ්‍රී ලංකාවේ දකුණේ කුල ක්‍රමය

ශ්‍රී ලංකාවේ කුල ක්‍රමය යනු, යම් අයුරින් උතුරු ඉන්දියාවේ සම්භාව්‍ය වර්න ක්‍රමයට තරමක් වෙනස් වූ, එනමුදු දකුණු ඉන්දියාවේ ජාති ක්‍රමයට තරමක් ලෙසින් සමාන කමක් දක්වන, සමාජය ස්තර වලට බෙදීමේ ක්‍රම වේදයකි. පූජාවලිය, සද්ධර්මරත්නාවලිය සහ යෝගරත්නකාරය වන පැරැණි ශ්‍රී ලාංකික ග්‍රන්ථ සහ ශිලාලේඛනගත සාක්ෂි පෙන්නුම් කරනුයේ ඉහත ධුරානුක්‍රමය වැඩවසම් යුගය පුරාවටම පැවැති බවය. 18වන සියවස තරම් මෑත යුගයෙහි, බ්‍රිතාන්‍ය / උඩරට යුගයෙහි කඩයිම්පොත් හි පවා මෙම කුල ධුරානුක්‍රමය දක්නට ලැබීම, ශ්‍රී ලංකාවේ රාජාණ්ඩුව අවසානය දක්වා මෙම සම්ප්‍රදායය පැවැති බවට සාක්ෂි දරයි. මෙය ලොව පුරා දක්නට ලැබෙන කුල ක්‍රම බොහෝමයක් අතුරින් එක ...

                                               

සංස්කෘතික ‍ප්‍රදේශ

භූගෝල ශාස්ත්‍රය ඉගෙනීමේ දි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන වචනයක් ලෙස සංස්කෘතික ප්‍රදේශ හැදින්විය හැකිය. පැහැදිලි සංස්කෘතීන් බොහෝවිට ඔවුන්ගේ භූගෝලීය ආවරණයන් රජයක් හෝ රජයක උප කොටස් ඇතුලත සීමා නොකරයි. සංස්කෘතියක් සිතියම් කිරීමට නම් අප සත්‍යවූ සංස්කෘතික ප්‍රදේශයක් හඳුනාගත යුතුවේ.සිතියම් ගත කළ පසු එම සංස්කෘතික චාරිත්‍ර, ගිවිසුම්, සන්නස් ‍හෝ යුද්ධ වලින් පනවන ලද නීති මායිම් වලට ඇත්තේ සුළු සම්බන්ධයක් බව අපට දක්නට හැකිය. සටහන් ගත කළ හැකි විවිධ වර්‍ගයේ සංස්කෘතික ප්‍රදේශ ඇත. සංස්කෘතික සිතියමක ආගම හා ර‍ටවැසියාගේ ඉතිහාසය සිතියම් ගත කිරීමේ දී එම ප්‍රදේශයේ" ඇඳුම් හා ගෘහ නිර්මාණ ශිල්පය” යම් වෙනස් හැඩයක් ගත හ ...

                                               

සාහිත්‍යය කලාව

සාහිත්‍යය කලාව යනු කුමක්ද? කලාව වනාහි මිනිසා සිය ලෝකය තුළ සබඳතා හා මංපෙත් පාදා ගන්නා මාර්ගයන්ගෙන්ඵකකි.ලි‍යොන් ෙට්‍රට්ස්කි දක්වන අන්දමට කලාව වු කලි යථාර්තය ඥාණනය කිරිමේ ක්‍රමවේදයක් වේi.කලාව විද්‍යව තුළින් වෙනස් නොවෙයි.නමුත් ව්ද්‍යාවෙන් නි්‍යාම පද්ධතියක් ලෙසට ලෝකය පිළිබඳව අර්ථකථනය කිරිම සිදුවෙි.එයට සාපේක‍්ෂව කලාවෙන් පරිකල්පන රෑප පද්ධතියක් පදනම් කරගනිමින් හැඟිමි හා මනෝගතින් පුබුදු කරවම්න් ගවෙශනය කරයි. පරිකල්පන රුප පද්ධතිය අර්ථ දක්වන්නේ පුද්ගලයෙකුට තමා අභිමුඛ නොවු ව්ෂයක් වුව මනසින් මවා ගැනිමට හෝ ඵය වාචිකව හෝ වෙනයමි ක්‍රමයකින් අන්‍යයන් හමුවේ මවා පෑමට ඇති හැකියවයි. මිනිසාගේ ජිවිතය අර්ථවත් කරන්නේ ...

                                               

සිංහල ජන නාටක

අද දක්නට ලැබෙන තාත්වික හෝ විදග්ධ නාට්‍යවලට ඉතා දිගු ඉතිහාසයක් නොමැත.එසේ දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇත්තේ ජන නාට්‍යවලටය.දේශීයආරට සමීපවු නාට්‍ය කලාවක්බිහිකිරීමේ උත්සාහිවු එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් එම නාට්‍ය කලාව සොයා පහදා ගැනීමේදි මෙමජන නාට්‍යවල ආභාෂය බොහෝ සෙයින් ලබාගෙන තිබේ. තොවිල් පවිල්,කංකාරි,ගමිමඩු,දෙවොල් මඩු,ශාන්ති කර්ම ඇසුරෙන් ලබා ගත් ආභාෂය ඔහු සිංහල නාට්‍ය කලාවක් බිහිකිරිමෙදි යොදා ගත්තේය. මෙ අයුරින් අපට හදුනාගත හැකි ජන නාට්‍ය වනුයේ, නාඩගම් සොකරි කෝළම්

                                               

සිරස පාද කවි

හිස මුව තුල බෙල්ල දෙවුර දෑතේ දසැගිලි අගිනේ ලැමැද උදර නාභි කටිය දෙවුකුල දෙකවල දෙදනේ. ආ. කෙන්ඬ බොලඩ දෙබඩි පතුල දසැගිලි දස නිය අගිනේ සූවිසි මුනිදු අනුහසයෙන් ඔබ පිරිපත දුර හරිනේ. අ. සිරස සවන් යුග මුඛ තුල බෙල්ලේ දෙවුර දෙවැලමිට දස අතැගිල්ලේ දන උකුලද බඩ කෙන්ඩ වලල්ලේ දොසැ හැර පලයන් පතුල සියල්ලේ සිරස නලලත දෙනෙත දෙසවන් මුඛය ගෙල දොස හැර සියල් දෙවුර අත් දසැගිලිද වැලමිට දෝස දුරුවිය එ බඩවැල් කටිය තුනටිය දෙදන කෙන්ඩේ දෝස දුරු වි ජය මගුල් සියක් අවුරුදු ඔබට වේවා වේවා ජය සිරි මංගලම් දකුණු හිඇස දකුණු කම්බුල දකුණු උරහිස දකුණතේ දකුණු ඉලපළු උකුල කලවා වටොර සහ එම දනහිසේ දකුණ කෙන්ඩය බොලට විළුඹය පතුල පසැගිලි නිය අගේ ...

                                               

සිංහල සංස්කෘතිය

සිංහල සංස්කෘතිය ඉතා දිගු කාලයක සිට පැවත එන්නකි. ජන ක්‍රීඩා ගොවිතැන සංස්කෘතියේ බටහිර බලපෑම් වැව පවුල ජොතිෂ්‍යය බලි තොවිල් ජන කතා ගම සිංහල දෙවිවරුසිංහලුන් විශ්චාස කරන දෙවිවරු පන්සල හා ආගමික සිරිත් සිංහල අවුරුද්ද

කොරියානු සංස්කෘතිය
                                               

කොරියානු සංස්කෘතිය

කොරියානු සාම්ප්‍රදායික සංස්කෘතිය කොරියානු අර්ධද්වීපයේ හවුල් සංස්කෘතික උරුමය සඳහන් කරයි. 20 වන සියවසේ මැද භාගයේ සිට, අර්ධද්වීපයේ සංස්කෘතික වෙනස්කම් ගණනාවක් නිසා දේශපාලනිකව අතර බෙදී ඇති අතර, චෝසෝන් රාජවංශයේ පෙර, කොරියානු shamanism පිළිවෙත් අනුගමනය ගැඹුරින් කොරියානු සංස්කෘතිය තුල මුල් බැස තිබේ.

                                               

ඉන්දීය සංස්කෘතිය

ඉන්දීය සංස්කෘතිය ඉන්දියාවේ ජනතාවගේ ජීවන ක්‍රමයයි. ඉන්දියාවේ භාෂා, ආගම්, නැටුම්, සංගීතය, ගෘහ නිර්මාණ ශිල්පය, ආහාර, සහ සිරිත් විරිත් රට තුළ තැනින් තැනට වෙනස් වේ. බොහෝ විට ඉන්දියානු සංස්කෘතිය සංස්කෘතීන් කිහිපක් ඒකාබද්ධව, ඉන්දියානු උප මහාද්වීපය පුරා විහිදෛන අතර අවුරැදු දහස් ගණනක් පැරණි ඉතිහාසයක් විසින් බලපෑම් කර තිබේ. ඉන්දියානු ආගම්, යෝග හා ඉන්දියන් ආහාර ලෙස ඉන්දියාවේ විවිධ සංස්කෘතීන් හි බොහෝ අංග, ලොව පුරා රටවල ප්‍රබල බලපෑමක් ඇති කර තිබේ.