Back

ⓘ සාම්ප්‍රදායික සිංහල දැණුම - සිංහල මිණුම් ඒකක, වී ගොවිතැන - ශ්‍රී ලංකාව, ගොක් කලාව, වැව්, සූනන් ඇඟ වැටීමේ ඵලාඵල, අංගම්පොර, තාවකාලික, ගැට බෙරය, දවුල ..




                                               

සිංහල මිණුම් ඒකක

තප්පර 60 = විනාඩි 01 සිංහල පැය 60 = දින 01 විනාඩි 60. = සිංහල පැය 01 දවස් 30 = මාස 1 මාස 3 = කාර්තු 1 මාස 12 = අවුරුද්ද 1 කාර්තු 4 = අවුරුදු 1

                                               

වී ගොවිතැන - ශ්‍රී ලංකාව

පරිසරය සමග සහජීවනයෙන් වී ගොවතැන සිදුකරන / සිදුකල සිංහල ක්‍රමය මෙම ලිපියෙන් සාකච්චා කෙරේ ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මයේ මෙන් ම ආහාර භෝග වගාවෙහි ප්‍රධානත ම භෝගය වී වශයෙන් හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම වී වගා කෙරේ. වී ගොවිතැනට අවශ්‍ය භෞතික සාධක 1. ප්‍රමාණවත් ජල සැපයුම හෝ මි.මී. 1500ක් ඉක්මවන අගල් 60 ඍතුමය වර්ෂාව 2. ඉහළ උෂ්ණත්වය. සෙ.ග්‍රේ. 24ක් පමණ 3. ජලය රඳවා තැබිය හැකි හා ඉවත් කළ හැකි තැනිතලා බිම් හෝ හෙල්මලු බෑවුම්. 4. මැටි සහිත දියලු පස.

                                               

ගොක් කලාව

ළපටි පොල් කොළය - ගොක් කොළය යනුවෙන් හැඳින්වේ. ගොබයේ ඇති කොළ: ගොබ කොළ: ගොප් කොළ: ගොක් කොළ වූ බව පැහැදිලිය සශ‍්‍රීකත්වය සංකේතවත් කරන පුන්කලස, පිරිත් මණ්ඩප සදහා යොදා ගන්නා සැරසිලි, ගොක් ගෙඩි, තොවිල් පවිල් ආදියට යොදාගන්නා පහන් පැළ, තවත් තොවිල් භාණ්ඩයක් වූ කිරුළු තොප්පිය, සාම්ප‍්‍රදායික පොල්තෙල් පහනක හැඩරුව ගත් ගොක් පහන, වෙසක් පහන, මඟුල් පෝරුව, මුතු කුඩය, අනුරාධපුර, පොළොන්නරු පෙදෙස්වල බෙහෙවින් ප‍්‍රචලිත තනිමාලේ තොරණ, තොවිල්වලට යොදාගන්නා පිදවිලි සැරසිලි, ගම්මඩු - දෙවොල් මඩුවලදී දැකිය හැකි බිසෝකප, වෙසමුණි රජුගේ ආයුධයක් සේ සලකන ඊ-ගහ, ශාන්තිකර්ම සඳහා යොදාගන්නා කුමාර කළය මේ නිර්මාණ අතරට අයත්ය. මේ හැර ...

                                               

වැව්

කිසියම්‍ පහත් කදු වෑටියක කපොල්ලක් තූළින් ගංගා,ඈළ,දොළ,පිහිටා තිබු අතර ඵ කපොල්ල වසා වේල්ලක් බෑද ඵ කදුවෑටියෙහි නෙරෑදෙක ඵකට සම්බන්ධ කරමින් පෑරණි සිංහලයෝ වෑව් නිර්මාණය කළහ.

                                               

සූනන් ඇඟ වැටීමේ ඵලාඵල

දකුණු අත ඇගිලි - රාජ සම්මාන දකුණු කෙන්ඩ - බොහෝ පාඩු මුඛය - භය දකුණු පාදය - දුක් පිට කොන්ද - ද්‍රව්‍යය ලාභ වම් කණ - වෙළඳ ලාභ උඩු තොල - වස්තු හානි දකුණු පාදයේ ඇඟිලි - රාජ භය මුහුණ - බන්ධු දර්ශන ඥාති/මිතුරු හමුවක් නියපොතු - ධන හානි නළල - මරණ යෝනිය - පුරුෂයාට මරණය දකුණු උර - නිරෝගි බෙල්ල - සතුරු හානි තනය - උතුම් ගෞරවයන් වම් පාදයේ ඇගිලි - රුදු සහිත‍ රෝග වම් ඇල - මරණය කලව - පියාට විපත් දකුණු අත - පෙම්වතියට මරණය උඩුතොල - වස්තු හානි නාසය - ව්‍යාධි රෝග/අසනීප නිකට - රාජ දඩුවම් ශරීරයේ දිව්වේ නම් - දීර්ඝායුෂ ගුදය - වස්තු ලාභ නිකට - රාජ දඬුවම් ලිඟුව - දරිද්‍ර ආර්ථික හානි ඇස්ව‍ට - සැප යටිතොල - වස්තු ලැබ ...

                                               

අංගම්පොර

මෙම සටන් කලාවෙහි යෙදෙන රණ ශූරයන්, උඩුකය නිරුවත්වද කාන්තාවන් පමණක් සාම්ප්‍රදායික හැට්ටය, යටකය සඳහා පාරම්පරික දියකච්චීය, වවුල් අමුඩය, මල්වාටිය, සරුවාලය හෝ කොට සුදු සරමක් හඳියි. ගම් බිම් පිණිස ඇවිදින් එක රාසියට නම් ගම් කිය කියා උනුනුන් වේග කොට අංගම් පොර අරින පෙර සෙබළුන් එවිට අංගම් මැඩිල්ලෙන් එළ බසු වී සතුට

                                               

අංගම්පොර (තාවකාලික)

අංගම්පොර සිංහලයන්ගේ සාම්ප්‍රදායික සටන් ක්‍රමයකි. මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණ අතර සියුම් බව, ප්‍රවේගවත් පා හරඹ හා පිනුම් ක්‍රම යනාදිය මූලිකත්වය ගනී. පුරුෂ මෙන්ම ස්ත්‍රී පාර්ශ්වයන්ටද පොදු වූ මෙම පාරම්පරික සටන් කලාව ආයුධ සහිත හා ආයුධ රහිත ලෙස අංශ දෙකකින් යුක්ත වන අතර මෙම සටන් ක්‍රමයටම ආවේණික වූ මායා අංගම් නමැති මන්ත්‍ර ශාස්ත්‍රය වැනි අධි මානසික ශක්තීන් ඇතුළත් කොටසකින්ද යුක්ත වේ. මෙම සටන් කලාවෙහි යෙදෙන රණ ශූරයෝ, උඩුකය නිරුවත්වද, යටිකය සඳහා පාරම්පරික දියකච්චීය හෝ කොට සුදු සරමක් හඳිති. මෙම සටන් කලාව හැදෑරීමට පැමිණෙන ආධුනිකයන්ගේ වේලාපත්කඩය හඳහන බලා එහි ඇති ග්‍රහ පිහිටීම් වලට අනුව ඔහු/ඇය සටන් ප ...

                                               

ගැට බෙරය

උඩරට නැටුම්වලදී බෙහෙවින් භාවිතා කෙරෙන, කොන් දෙකට වඩා මැද මහත බෙරය යනුවෙන් අර්ථකථනය කළ හැකි, උඩරට ප්‍රදේශයේ චිරාත් කාලයක් ප්‍රචලිත ව තිබීම නිසා වර්තමානයේ උඩරට බෙරය නමින් ද හැඳින්වෙන ගැටබෙරය නම් වූ ලොව මවිත කළ දෙඅතින් තැලීමෙන් හමින් ශබ්ද උපදවන මේ අවනධ්‍ය භාණ්ඩය කවදා කෙසේ ප්‍රභවය වූවක් ද, විදේශයකින් මෙහි ආදේශ වූවක් ද, එසේ විදේශයකින් ආදේශ වූයේ නම් ලොව වෙනත් කොතනකදී හෝ අනුරුවක් හෝ ඉතිරි ව තිබේ ද, එසේ නැතිනම් අපේ ම මුතුන් මිත්තන්ගේ නිර්මාණයක් ද, ලොව අන් රටවල මෙන් මුල් අවස්ථාවේ සරල ව නිර්මාණය වී ක්‍රමයෙන් සංවර්ධනය වී මේ තත්ත්වයට පැමිණි එකක් ද, නිගමනයකට එළඹීම අසීරු ය.

                                               

දවුල

දේශීය වාද්‍ය භාණ්ඩ අතර, දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන භාණ්ඩයක් වශයෙන් දවුල හඳුන්වා දිය හැකි ය. පංචතූර්ය භාණ්ඩ වර්ගීකරණයට අනුව විතතාත ගණයට අයත් වන සංගීත භාණ්ඩයකි. එසේම බෙර වර්ග අතර ඉතාමත් ඈත ඉතිහාසයක් උරුම ‍‍වන දවුල චිරාත් කාලයක් තිස්සේ ලංකාවේ භාවිතා වූ සුවිශේෂී වූ බෙර විශේෂයක් වන අතර හේවිසි වාදනය සඳහා යොදා ගන්නා බෙරය ලෙස සැලකේ. එසේම සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වන දවුල ව්‍යවහාරික සංගීතයේදී ද යොදා ගැනේ.

                                               

‍පුරාණ අවිආයුධ ශාස්ත්‍රය

පුරාණ අ විආයුධ ශාස්ත්‍රය යනු මහා සම්මත මනු රජුගෙන් ඇරඹෙන හෙල රාජධානියත තුළ වසර 38000 කට අධික කාලයක් තිස්සේ යුද්ධාදී කටයුතු උදෙසා අප ශිල්පීන් විසින් තමන්ට අවි ආයුධ තනා ගැනීම සඳහා භාවිතා කළ ශාස්ත්‍රයයි. මෙය බොහෝ විට ඒ කුල මත පදනම්ව තිබී ඇති අතර මෙයට සාක්ෂි ලෙස අදටත් කම්මල් කරුවන් යනුවෙන් කුලයක් ලංකා සමාජයේ පවතින කුල ක්‍රමය තුළ දක්නට ලැබේ.

                                               

බිසෝ කොටුව

වැවකින් ජලය බෙදා හැරිමේදි ඇති විය හැකි පීඩනයෙන් වේල්ල ආරක්ෂා කර ගැනීමේදි උපක්‍රමයකි. චුල වංශයට අනුව බිසෝ කොටුව කොටස් 03 කට බෙදන ලදී. වැවෙන් ළිඳට වතුර බසින බෝක්කුවක් ගැඹුරට කනින ලද විවෘත ඝෘජුකෝණාස්‍ර ළිඳක් හෝ වළක් බිසෝ කොටුවේ දිය මුදා හරිනු ලබන දොරෙහි විවරය ලොකු කිරීමට හෝ කුඩා කිරීමට ඔසවන හා පහත් කරන උපකරණය"මොහොල,නම්වේ. ළිඳේ සිට බන්ධනයෙහි පිටස්තර බෑවුමෙහි අඩිය දක්වා බඳින ලද ජලය පිට කරන ‍‍බෝක්කුවක් වැවක තියෙන විශිෂ්ඨතම නිර්මාණය තමයි බිසෝ කොටුව කියලා කියන්නෙ. බිසෝ කොටුව කියන්නෙ වැවේ පතුලෙ නිර්මාණය හොඩට් කරලා තියෙන හරි හතරැස් ලිදකට. ලිදේ එක පැත්තක තියෙන සිදුරකින්, වැව් ජලය ඇතුල් වෙනවා. ඊටම ප්‍ ...

                                               

ගොවිතැන

මහපොලව, වතුර සහ හිරු බලය ප්‍රයෝජනයටගෙන මිනිසාට ආහාර පිණිස ගස් වැවීම ගොවිතැනයි. ගොවිතැන් යනු අද දින ‘’කෘෂිකර්මය හා ආහාර නිෂ්පාදනය ‘’ යන දේ වලට වඩා වෙනස් වු දෙයකි. මෙය ඉර හඳ ගොවිතැන නම් වේ. මෙහි ආයෝජනය වන්නේ ඉර හා හඳ ප්රේමුඛ ස්වභාවික වස්තුන්ය. අන්තිමට අස්වැන්න බවට පත් වන්නේ සුර්යයාගේ සහ චන්ද්රනයා ගේ කිරණ හේතු කොට ගෙන ඇති වු ද්රතව්මය පදාර්ථයන්ය. එබැවින් ම හේන් අහාර මිනිසා යහපත් සෞඛ්‍ය තත්වයෙන් ද තැබීය. ඊට හේතුව නම් සියලු දේ සෞඛ්‍ය දහමේ සීමාවන් තුල පිහිටීමය.