Back

ⓘ සයන්ස් - රයින්ඩ් ගණිතමය පැපිරසය, නියැන්ඩර්තාල්, විද්‍යාව, වක්‍රෝත්තිහරණය, සෙෙල සැකිල්ල, ආතර් සී. ක්ලාක්, කෝකසස් කඳු, යෝධ ගැටුම් උපකල්පිතය, ආක්ෂක ආනතිය, බර ..




                                               

රයින්ඩ් ගණිතමය පැපිරසය

රයින්ඩ් ගණිතමය පැපිරසය, ඊජිප්තියානු ගණිතය පිළිබඳ හොඳම නිදසුන දක්වයි. 1858 වසරෙහිදී ඊජිප්තුවෙහි ලුක්සෝර්හිදී පැපිරසය මිලදී ගත් ස්කොට් ජාතික පුරාතත්ත්වවේදියෙක් වූ ඇලෙක්සැන්ඩර් හෙන්රි රයින්ඩ් අනුව යමින් එය නම් කර ඇත; රැම්සීසියම් තුල හෝ එය අසබඩ හෝ නීතිවිරෝධී ලෙසින් සිදු කල කැණීම් වලදී එය හමු වී ඇති බවට අනුමාන කෙරෙයි. ක්‍රිපූ 1650 පමණ කාලයකට එය අයත් බව නිර්ණය කර ඇත. පැපිරස් අතුරින් බොහෝමයක් දැනට තැන්පත් කර ඇති බ්‍රිතාන්‍ය කෞතුකාගාරය විසින් 1865 වසරෙහිදී එය අත්පත් කර ගන්නා ලද්දේ හෙන්රි රයින්ඩ් වෙත අයත්ව තිබූ ඊජිප්තියානු ගණිතමය හම් පොතනුවද හා සමගය; නිව්යෝර්ක්හී බෲක්ලන්ඩ් කෞතුකාගාරය තුල කුඩා කැබලි ...

                                               

නියැන්ඩර්තාල්

නියැන්ඩර්තාල් යනු, හෝමෝ ගණයට අයත් නෂ්ට මානව විශේෂයක් වන අතර, බොහෝ විට හෝමෝ සේපියන්ස් හී උපවිශේෂයක් විය හැක. නූතන මානවයන්ට ඉතා කිට්ටු බන්ධුතාවයක් දක්වන ඔවුහූ, ඩීඑන්ඒ අතින් වෙනස් වන්නේ 0.12% කින් පමණි. නියැන්ඩර්තාල් විසින් ඉතිරි කර ගිය නෂ්ටාවශේෂ අතර අස්ථිමය සහ පාෂාණමය මෙවලම් ඇති අතර, ඒවා හමුවීඇත්තේ යුරේසියාව, බටහිර යුරෝපය සිට මධ්‍යම සහ උතුරු ආසියාව අතර ප්‍රදේශය යන පළාත් වලිනි. මෙම ජීවි විශේෂය නම් කර ඇත්තේ, ඔවුන් මුලින්ම සොයාගත්, ජර්මනියේ පිහිටි නියැන්ඩර්ටල් නම් ස්ථානය අනුව යමිනි. සාමාන්‍යයෙන් පාෂාණිධාතු විද්‍යාඥයින් විසින් නියැන්ඩර්තාල්වරුන් හඳුන්වන්නේ හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස් නම් විශේෂය ලෙස ...

                                               

විද්‍යාව (වක්‍රෝත්තිහරණය)

ඔබට අවශ්‍ය ලිපිය තෝරාගන්න සයන්ස් යන වදනේ සිංහල පරිවර්ථනය සඳහා නවීන විද්‍යාව බලන්න. බෞද්ධ සංකල්පමය විග්‍රහය සඳහා විද්‍යාව බෞද්ධ සංකල්පය බලන්න. විද්‍යා යන අන්වර්ථ නාමයේ තේරුම සඳහා සරස්වතී බලන්න. අාසියාතික භාෂා වලින් විද්‍යා ලෙස භාවිතාවන වචනයේ තේරුම විද්‍යාව බලන්න.

                                               

සෙෙල සැකිල්ල

ජීවයේ සියළු අධිරාජධානියන්ට අයත් සියළු සෙෙලයන්හී සෙෙල සැකිල්ල දැකගත හැකිවේ. එය න්‍යෂ්ටියේ සිට ප්ලාස්ම පටලය දක්වා සෙෙල ප්ලාස්මය පුරා විහිදී යන, අන්තර් සම්බන්ධිත තන්තු සහ නාලිකා සමූහයකින් තැනුනු සංකීර්ණ ජාලයක් ලෙස පවතී. විවිධ ජීවීන්ගේ සෙෙල සැකිලි පද්ධතියන්, සමාන වූ ප්‍රෝටීන වර්ග වලින් තැනී තිබේ. සූන්‍යෂ්ටිකයන්ගේ සෙෙල සැකිලි පූරකය ප්‍රධාන ප්‍රෝටීන වර්ග තුනකින් තැනුනු ගතික ව්‍යුහයක් වන අතර, ඒවාට නිශ්චිත කාල පරාසයක් තුලදී සෙෙලයේ අවශ්‍යතාව අනූව වේගවත් වර්ධනය වීමක් සිදුකිරීමට හෝ කොටස් වලට වෙන්වී යාමේ හැකියාවක් පවතී. ජීවියා සහ සෙෙල වර්ගය මත පදනම්ව සෙෙල සැකිල්ලෙහි ව්‍යුහය, කෘත්‍යය සහ ගතික හැසිරීම් එ ...

                                               

ආතර් සී. ක්ලාක්

ආතර් සී ක්ලාක් උපත ලැබුවේ 1917 දෙසැම්බර් 16 වැනිදා එංගලන්තයේ සමර්සෙට් මයින්හෙඩ් හිදීය. ද්විතියික අධ්‍යාපනයෙන් අනතුරුව ඔහු අධ්‍යාපන මණ්ඩලයේ විශ්‍රාම වැටුප් අංශයේ විගණක වරයකු ලෙස රැකියාව කලේය. දෙවන ලෝක යුද්ධය සමයේදී ඔහු රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් විශේෂඥවරයකු ලෙස කටයුතු කලේය. ක්ලාක් ඔහුගේ යුධකාල සේවයෙන් වැඩිපුර කාලයක් භූමි පාලක පිවිසුම ground controlled approach රේඩාර් විෂය සම්බන්ධ ව කටයුතු කල බව ඔහුගේ ගලයිඩ් පාත් Glide path නම් ජීවිත කථා පොතේ ඇතුලත් වේ. දුරයෙන් පසු අවධියේදී, ක්ලාක්, බ්‍රිතාන්‍යය ග්‍රහලෝක අතර සමිතියේ සභාපති ලෙස 1947 සිට 1950 දක්වා කටයුතු කලේය. ක්ලාක් භූස්ථාපිත Geostationary ...

                                               

කෝකසස් කඳු

කෝකසස් කඳු වනාහී, යුරේසියාව තුල, කෝකසස් පළාතෙහි, කඵ මුහුද සහ කැස්පියන් මුහුද අතර විහිදෙමින් පිහිටන කඳු වැටියකි. කෝකසස් කඳු වල කොටස් වශයෙන් උතුරු දිශාවෙන් පවතින මහා කෝකසස් සහ දකුණු දිශාවෙන් පවතින සුළු කෝකසස් දැක්විය හැක. බටහිර-වයඹ දිශාවෙහි සිට නැගෙනහිර-ගිණිකොණ දිශාවට දිවෙන මහා කෝකසස් වැටිය, කළු මුහුදෙහි ඊසාන දිග වෙරළෙහි සෝචී අසබඩ කෝකසියානු ස්වාභාවික ආරක්ෂිත ප‍්‍රදේශයෙහි සිට කැප්සිකන් මුහුදෙහි බකූ සමීප ප්‍රදේශය දක්වා විහිදෙයි. සුළු කෝකසස් වැටිය දිවෙන්නේ මහා කෝකසස් වැටියට සමාන්තරව 100 කිමී 62 සැත පමණ දකුණු දිශාවටය.

යෝධ ගැටුම් උපකල්පිතය
                                               

යෝධ ගැටුම් උපකල්පිතය

යෝධ ගැටුම් උපකල්පිතය පවසන්නේ, දළ වශයෙන් 4.5 Gya, පෘථිවිය සහ අඟහරු ප්‍රමාණයෙහි වස්තුවක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලය වූ සුන්බුන් තුලින්, චන්ද්‍රයා සැදුණු බවයි. මෙම ගැටුනු වස්තුව, චන්ද්‍ර දෙවඟන සෙලීන්ගේ මව වූ, පුරාකථාගත ග්‍රීක ටයිටන්වරියක අනුව, සෙයියා ලෙසින් සමහරවිට හැඳින්වෙයි.

ආක්ෂක ආනතිය
                                               

ආක්ෂක ආනතිය

තාරකා විද්‍යාඥයින් අතර ඇලය ලෙසින් හැඳින්වෙන, තාරකා විද්‍යාවෙහි ආක්ෂක ආනතිය යනු, වස්තුවක භ්‍රමණ අක්ෂය සහ එහි කක්ෂීය අක්ෂය අතර කෝණය හෝ, සමතුල්‍ය ලෙසින්, එහි නිරක්ෂීය තලය සහ කක්ෂීය තලය අතර කෝණය වෙයි. කක්ෂීය ආනතිය වෙතින් එය වෙනස් වෙයි.

කුඹල් කර්මාන්තය
                                               

කුඹල් කර්මාන්තය

කුඹල් කර්මාන්තය යනු, කුඹල් භාණ්ඩ තැනීමෙහි පිඟන් මැටි භාවිතමය ක්‍රියාව වන අතර, එහි ප්‍රධාන වර්ග අතර මැටිබඳුන්, දැඩි මෘත්තිනා භාණඩ සහ පෝසිලේන් අඩංගු විය හැක.

                                               

බර

විද්‍යාවෙහි සහ ඉංජිනේරු විද්‍යාවෙහිදී, වස්තුවක බර යනු එම වස්තුව වෙත ක්‍රියාත්මක වන ගුරුත්ව බලය වෙයි. එහි විශාලත්වය, බොහෝ විට දැක්වෙන්නේ ඇලකුර W මගින් වන අතර, එය වස්තුවෙහි ස්කන්ධයෙහි m සහ ස්ථානීය ගුරුත්වජ ත්වරණයෙහි විශාලත්වයෙහි g ගුණිතයට සම වෙයි; එබැවින්: W = mg. දෛශිකයක් ලෙසින් සැලකෙන කල, බර බොහෝවිට දක්වන්නේ තදකුරු W ලෙසිනි.