Back

ⓘ විශ්වය - විශ්වය, මහා පිපිරුම, විෂ්ණු, ගුරුත්වාකර්ෂණය, ප්‍රතිපදාර්ථය, න්‍යෂ්ටි සංස්ලේෂණය, විශ්ව නීති.The Universal Low, භෞතික විද්‍යාව හැදින්වීම, හෝමර්, ශක්ති ..




                                               

විශ්වය

විශ්වය යන වදන අසන බොහෝ දෙනෙකු සිතන්නේ එය ඈත අභ්‍යවකාශයේ අැති දෙයක් ලෙසිනි. එය එසේ නොවේ. විශ්වය යයි කී විට ඔබට පෙනෙන, නොපෙනෙන, ඇසෙන, නොඇසෙන ආදී වූ සියල්ල අයත්ය. ඔබේ ගෙය, ගම, නගරය හා රට විශ්වයට අයත්ය. විද්‍යාඥයෝ මේ විශ්වයේ ස්වභාවය හා එය ආරම්භ වූ ආකාරය ගැන ගවේෂණ රැසක් සිදු කොට ඇත. ඔවුන් ඒ ගැන යම් යම් කරුණු දැනගෙන අැතත් බොහෝ දේ දැනගෙන නැත. ඔවුන්ට විශ්වය ගැන සියලු දේ දැනගන්නට හැකි වේද?, එය කළ හැකිද? කියා කිසිවකුට කීමට නුපුළුවන. විශ්වය නිර්මාණය වී අති ප්‍රධාන කොටස් ලෙස විද්‍යාඥයින් සලකන්නේ චක්‍රාවාටයි. අප වෙසෙන පෘථිවිය අයත් වන්නේද එවන් චක්‍රාවාටයකටය. චක්‍රාවාටයකට තාරකා බිලියන ගණනක් ඇතුලත්ය. අප ව ...

                                               

මහා පිපිරුම

මහා පිපුරුම් ආකෘතියට අනුව විශ්වය ව්‍යාප්ත වූයේ අධික ලෙස ඝනත්වයකින් හා තාප තත්වයක සිට අතර දැනුදු ව්‍යාප්ත වේ. අභ්‍යාවකාශ ව්‍යාප්ත වෙනවා යන්න විස්තර කිරීමට පොදු හා වැදගත් සදෘශ්‍යයක් වන්නේ අභ්‍යවකාශය, පිපෙන පාන් ගෙඩියක වූ වියලි මුද්දරප්පලම් මෙන්, ඒ සමඟ මන්දාකිණි රැගෙන යාමයි. කෙසේ නමුත් සාමාන්‍ය සාපේක්ෂිත අභ්‍යාවකාශ විද්‍යා, අභ්‍යාවකාශයට කිසියම් හෝ" ‍භෞතිකත්වයක්” ආරෝපණය නොකරයි. මහා පිපුරුම යනු ස්වධීන නිරීක්ෂණ ගණනක් මඟින් හොඳ සහයෝගයක් ලැබෙන විශ්වයේ අභ්‍යාවකාශ විද්‍යාත්මක ආකෘතියයි. 1929 දී එඩ්වින් හබල් විසින් මන්දාකිණි අතර දුරවල් ඒවායේ වර්ණාවලියේ විස්ථාපනවලට සමානුපාතික බව ගැනීමෙන් පසුව විශ්වය ව් ...

                                               

විෂ්ණු

විෂ්ණු හින්දු ආගමේ ප්‍රධානතම දේවතාවන්ගෙන් කෙනෙකි. වෛශ්ණවවාදයට අනුව පරම ආත්මය හෝ පරම සත්‍ය ලෙස හැඳින්වේ. බ්‍රහ්ම, ශිව සහ විෂ්ණු යන හින්දු ත්‍රී මූර්තියෙන් ‘‘ලෝකය ආරක්ෂාකරන්නා" විෂ්ණු දෙවියන්ය. වෛශ්ණවවාදයට අනුව විෂ්ණු දෙවියන් විශ්වයේ උත්තරීතරම බ්‍රහ්මයා සේ හඳුන්වයි. එතුමා විවිධ යුග වලදී විවිධ අවතාර දරා ලෝකය නපුරෙන් ආරක්ෂා කරන බව විශ්වාසයයි. එතුමාගේ අවතාර අතර වැඩිපුර අවදානයට ලක්ව ඇත්තේ රාමායනයෙහි කියැවෙන රාම සහ මහාභාරතයෙහි සඳහන් ක්‍රිෂ්ණ අවතාරයි. එතුමන්ව නාරායන, ජගන්නාථ, වාසුදේව, විතෝභ සහ හරී යනුවෙන්ද හඳුන්වනු ලබයි. හින්දු ආගමේ පංචායටන පූජාවේදී වන්දනා කරනු ලබන දෙවි වරුන් පස් දෙනාගෙන් එක් අයෙක ...

                                               

ගුරුත්වාකර්ෂණය

ගුරුත්වාකර්ෂණය, හෝ ගුරුත්වය යනු, ඔවුන්ගේ ස්කන්ධයන්ට සමානුපාතික බලයකින් භෞතික වස්තූන් විසින් එකිනෙකා ආකර්ෂණය ගන්නාවූ ස්වභාවික සංසිද්ධියකි. ස්කන්ධයක් සහිත වස්තූන්ට බරක් ලබාදෙමින් ඒවා අත්හැරිය විට පොළොවට පතිතවීම සලසන්නාවූ කාරකයක් ලෙසින් ගුරුත්වාකරෂණය අතිශයින් ප්‍රචලිතය. විසිරිත පදාර්ථය ඒකාබද්ධ වීම ගුරුත්වාකර්ෂණය මගින් සිදුවෙන අතර, ඒකාබද්ධවූ පදාර්ථය එලෙසින් එකතුව පැවතීමද සහතික කෙරෙන බැවින්, විශ්වයෙහි පවතින ග්‍රහලෝක, තාරකා, චක්‍රවාට සහ බොහෝ මහේක්ෂ වස්තූන්ගේද පැවැත්ම පිළිබඳ වගකියයි. හිරු වටා පෘථිවිය හා අනෙකුත් ග්‍රහලෝක කක්ෂීය චලිතයෙහි යෙදීම; පෘථිවිය වටා චන්ද්‍රයා එහි කක්ෂයෙහි පිහිටා තබාගැනුම; උද ...

                                               

ප්‍රතිපදාර්ථය

ප්‍රතිපදාර්ථ යනු, අංශුමය භෞතික විද්‍යාවෙහිදී හා ක්වොන්ටම් රසායන විද්‍යාවෙහිදී හමුවන ප්‍රතිඅංශු පිළිබඳ සංකල්පයේම තවත් ඉදිරි පියවරකි. සාමාන්‍ය පදාර්ථය අංශුවලින් සමන්විත වන ආකාරයට ප්‍රතිපදාර්ථය ප්‍රතිඅංශුවලින් සමන්විත වේ. සාමාන්‍යය පදාර්ථයේ හයිඩ්‍රජන් පරමාණුවක් එක් ඉලෙක්ට්‍රෝනයක හා එක් ප්‍රෝටෝනයක සංකලනයෙන් සෑදෙන ආකාරයටම ප්‍රති-ඉලෙක්ට්‍රෝනයක් හා ප්‍රති-ප්‍රෝටෝනයක් සංකලනයෙන් ප්‍රති-හයිඩ්‍රජන් පරමාණුවක් නිර්මාණය විය හැක‍. තවද, ප්‍රතිඅංශු හා අංශු එකිනෙක හමු වූ විට සිදුවන ආකාරයට පදාර්ථය හා ප්‍රතිපදාර්ථය හමුවීමේදී උච්ඡේදනයට භාජනය වෙමින් අධි ශක්ති ප්‍රෝටෝන හෝ වෙනත් අංශු-ප්‍රති අංශු යුගල උපදවනු ඇත. ත ...

                                               

න්‍යෂ්ටි සංස්ලේෂණය

මහා පිපිරුමක් සිදුවීමත් සමගම ස්ථායි ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන ඇති විය. පිපිරුමෙන් පසු ඊළග විනාඩි තුන ඇතුළත විශ්වයේ ඇති හයිඩ්‍රජන් ලිතියම් හා ඩියුටීරියම් පරමාණු බොහෝමයක් සංස්ලේෂණය විය. මහා පිපුරුමෙන් අවුරුදු 380000 කට පසු ප්‍රතිසම්බන්ධනය නමින් හැදින් වූ යුගයක දී මුල්ම පරමාණු සෛද්ධාන්තිකව නිර්මාණය ප්‍රසාරණය වෙමින් පැවති විශ්වය ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිවලට බැදීමට හැකිවන තරමට සිසිල් වූයේ මෙම යුගයේදී ය. එතැන් සිට තාරකා තුළ දී පරමාණුක න්‍යෂ්ටි එකතු වී න්‍යෂ්ටික විලයනය තුළින් යකඩ දක්වා වූ මුලද්‍රව්‍ය නිර්මාණය විය. ලිතියම් 6 වැනි සමස්ථානික අභ්‍යවකාශයේ දී කොස්මික් කිරණ පැතිර වීසම මඟින් නිර්මාණය විය. මෙය ස ...

                                               

විශ්ව නීති.The Universal Low

විශ්වය යනු අප ජීවත්වෙන ලෝකය වුවත් එය විශාල අවකාශ යන්ගෙන් මෙනම සීමා මායිම් නොපෙනෙන ඉමක් කරා විසීරී ඇති පෙනෙන සහ නෙපෙනන එක් එක් බලවේගයන් ගෙන් ගහන ස්ථායක් වශයෙන් හැදින් වුවද වරදක් නැත.එසේම මේ ලොවට බිහිවූ ආගමික ශාස්තෘවරුන් විසින් තම ආගම සහ දහම අනුව මිනිසුන් දැනුවත් කරන ලද්දේද මෙම විශ්වයේ ඇති නීතින් වලට යටත්වය.විශ්වයේ ජීවත්වීම සදහා යම් ජීවියෙක් බිහි වූයේ නම් එම ජීවියා විශ්වයේ මෙම නිතින් වලට යටත් විය යුතුයි.එසේ එම නිතින් නොදන්නේ නම් හෝ දැන එයට විරුද්ධව ක්‍රියාකරන්නේ නම් විශ්වයේ ඇති නීතිය අනුව දඩුවම් උරුම වන්නේය.

                                               

භෞතික විද්‍යාව හැදින්වීම

භෞතික විද්‍යාව යනු පදාර්ථවල විද්‍යාව හා ඒවායේ චලන සහ එසේම ඒවායේ අවකාශය හා කාලය පිළිබඳ හදාරන විද්‍යාව ය. මෙහි බලය, ශක්තිය, ස්කන්ධය හා ආරෝපණය වැනි සංකල්ප සමග ගනුදෙනු කරනු ලැබේ. භෞතික විද්‍යාව යනු පරීක්ෂණාත්මක විද්‍යාවකි.එලෙසම පරමාණුවේ සිට විශ්වය දක්වාම විහිදුණු පුළුල් වූ විශයකි. එය ස්වභාව ධර්මයාගේ සාධාරණ විශ්ලේෂණයයි. එහි අරමුණ වන්නේ විශ්වය හැසිරෙන අයුරු තේරුම් ගැනීම යි. භෞතික විද්‍යාව පැරණි නූතන ම ශික්ෂාවන්ගෙන් එකකි. එය 17 වන ශත වර්ෂයේ නූතන විද්‍යාව ලෙස මතුවී පැමිණි අතර එහි උපක්ෂේත්‍රයක් වන තාරකා විද්‍යාවේ හරහා එය සියල්ලන්ගෙන්ම පැරණි එක ම විය හැකි වේ. ක්ෂේත්‍රයේ වෘත්තීමය වශයෙන් වැඩ කරනා අය භ ...

                                               

හෝමර්

හෝමර් යනු පැරණි ග්‍රීක කවියෙකි. ඉලියඩ් සහ ඔඩිසි යන වීර කාව්‍ය වල රචකයා ලෙස සලකන්නේ මොහුයි. හෝමර් ගැන ජීව දත්ත කිසිවක් සොයාගැනීමට හැකිවී නැත. මාටින් වෙස්ට් පවසන ආකාරයට හෝමර් යනු ඇත්තටම ජීවත් වූ අයෙක් නොවන අතර ඒය ප්‍රබන්ධ කරන ලද චරිතයකි. මෙම කවි සමහරෙක් පවසන ආකාරයට එක් අයෙක් ලියූ ඒවා වන අතර මාටින් වෙස්ට් වැනි අය පවසන්නේ ඒවා කීප දෙනෙක් විසින් ලියන ලද ඒවා බවයි. හෙරොඩොටුන් පවසන ආකාරයට හෝමර් ජීවත්ව සිටියේ තමන්ගේ යුගයට වඩා අවුරුදු 400ක් පමණ කලින්. ඒලෙස සැලකුවහොත් හෝමර් ක්‍රි.පූ. 850 පමණ කාලයේ ජීවත් වූ බවට ගැනෙයි. නමුත් අනෙත් ඓතිහාසික මූලාශ්‍ර ට්‍රොජන් යුද්ධයට ආසන්න දින වකවානු ලබාදෙයි. පඬිවරු එකඟව ...

ශක්ති
                                               

ශක්ති

ශක්ති යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ ප්‍රධාන නිකායක් වන ශක්ත ආගමේ මූලාරම්භක විශ්වීය ශක්තිය වන අතර සමස්ත විශ්වය පුරා චලනය වන ගතික බලවේග ඉන් නිරූපණය වේ යැයි පැවසේ. හින්දු ධර්මට අනුව බ්‍රහ්මන් හෙවත් දෙවියන් වහන්සේ නිර්මාණ ක්‍රියාවලියේදි පුරුශ සහ ශක්ති ලෙස කොටස් දෙකකට විද්‍යාමාන වන්නේය. පුරුෂ යනු ස්ථිරතාවය වන අතර ශක්තිය යනු ගතිමාන, ක්‍රියාකාරි වීමයි. එබැවින් හින්දු විශ්වාසයට අනුව විශ්වය නිර්මාණය පැවැත්ම සහ විනාශය යන් කාර්‍යන් ත්‍රිත්වය ඇතුළු සියල්ල ගතිමාන වන්නේ ශක්තිය හේතු කොට ගෙනයි.

බ්‍රහ්ම
                                               

බ්‍රහ්ම

බ්‍රහ්ම හින්දු ත්‍රීමූර්තියට අයත් එක් දෙවියෙකි. හෙතෙම ලෝක නිර්මාතෘ ද වේ. ත්‍රීමූර්තියට අයත් අනෙකුත් දෙවිවරුන් වනුයේ විෂ්ණු සහ ශිව ය. මෙහි දැක්වෙන බ්‍රහ්ම හින්දු වේදාන්ත දර්ශනයේ සදහන්වන විශ්වීය ආත්මය සේ සැළකෙන බ්‍රහ්මන් සමඟ පටලවා නොගත යුතු ය. වේදාන්ත දර්ශනය අනුව බ්‍රහ්මන් සහ ආත්මය එකක් ම වෙයි. විශ්වය තුළ පවතින පරමාත්මය බ‍්‍රහ්මන් වේ. බ්‍රහ්මගේ භාර්යාව වනාහි ශිල්පශාස්ත‍්‍රයට අධිපති සරස්වතී දේවියයි. බ‍්‍රහ්ම බොහෝවිට වෛදික දෙවියෙකු ලෙස සැලකෙන "ප්‍රජාපතී" යනුවෙන් ද හදුන්වනු ලැබේ.