Back

ⓘ පුද්ගලයෝ - 2008 කොටුව දුම්රිය නැවතුම්පල බෝම්බ ප්‍රහාරය, 1997 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන බෝම්බ ප්‍රහාරය, වැලිවේරිය බෝම්බ ප්‍රහාරය, එයාර් ලංකා යූඑල්512 පියාසැරිය ..




                                               

2008 කොටුව දුම්රිය නැවතුම්පල බෝම්බ ප්‍රහාරය

2008 කොටුව දුම්රිය නැවතුම්පළ බෝම්බ ප්‍රහාරය යනු එම වසරේ පෙබරවාරි 3 වන දින ශ්‍රී ලංකාවේ, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ, මගී දුම්රියක් අසල පුපුරුවා හරිනු ලැබූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකි. ප්‍රහාරයෙන් පුද්ගලයෝ 12 දෙනෙකුට සිය ජීවිත අහිමි වූ අතර, තවත් 100 කට වැඩි පිරිසකට තුවාල සිදු විය. මිය ගිඅය අතර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ බේස්බෝල් කණ්ඩායමේ සිසුන් 8 දෙනෙකු සහ ඔවුන් භාරව සිටි ගුරුවරයෙකුද විය. මෙම ප්‍රහාරය මරාගෙන මැරෙන දෙමළ කොටි ත්‍රස්ථ සාමාජිකාවක විසින් සිදුකරන ලද්දක් බවට, ශ්‍රී ලංකා රජය තහවුරු කර ගන්නා ලදී. වේදිකා අංක 3 අංගණයේ නවත්වන ලද, දුම්රියෙන් බට අවස්ථාවේදීම බෝම්බකාරිය විසින් සිය බෝම්බ ...

                                               

1997 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන බෝම්බ ප්‍රහාරය

1997 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන බෝම්බ ප්‍රහාරය යනු එම වසරේ ඔක්තෝම්බර් 15 වන දින, කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල අසල, දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් ක්‍රියාත්මක කරනු ලැබූ දැවැන්ත බෝම්බ ප්‍රහාරයකි.

                                               

වැලිවේරිය බෝම්බ ප්‍රහාරය

වැලිවේරිය බෝම්බ ප්‍රහාරය යනු ක්‍රි.ව. 2008 වසරේ අප්‍රියෙල් 6 වන දින, දෙමළ කොටි ත්‍රස්තවාදියෙකු විසින් ශ්‍රී ලංකාවේ, වැලිවේරිය තුල පුපුරුවා හරින ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකි. එම වසරේ සිංහල දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් වැලිවේරියේ සංවිධානය කල අළුත් අවුරුදු මැරතන් තරඟයේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කල අවස්ථාවේදී, පුපුරුවා හරිනු ලැබූ මෙම බෝම්බයෙන් පුද්ගලයෝ 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. මිය ගිඅය අතර ශ්‍රී ලංකාවේ ජාතික මළල ක්‍රීඩා පුහුණුකරු ලක්ෂ්මන් ද අල්විස්, දේශපාලඥ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, හිටපු ඔලිම්පික් තරඟකරු කුරුප්පු කරුණාරත්න සහ හමුදා නිලදාරී කර්නල් උදයධීර යන අය වූහ. ප්‍රහාරයෙන් තවත් 90 ...

                                               

එයාර් ලංකා යූඑල්512 පියාසැරිය

එයාර් ලංකා පියාසැරි 512 යනු එයාර් ලංකා සමාගමට අයත්ව තුබූ Lockheed L-1011 Tristar වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානයකි. ගුවන් යානය 1986 වසරේ මැයි 3 වන දිනදී, ලන්ඩන් ගැට්වික් ගුවන් තොටුපලෙන් නික්මී, සූරිච් සහ ඩුබායි හරහා ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබැස්සූ අතර පසුව එය, මාලදිවයින වෙත පියාසර කිරීමට නියමිතව තිබුණි. නමුත් බණ්ඩාරනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේදී, යානය තුල අටවා තුබූ බෝම්බයක් පුපුරා යාම නිසා යානය දෙකඩ වී විනාශ වී ගිය අතර, පිපිරීම නිසා පුද්ගලයෝ 21 දෙනෙකු ජීවිතක්ෂයටත් සහ තවත් 41 දෙනෙකු තුවාලත් ලැබූහ. මිය ගිඅය අතර බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙක්, බටහිර ජර්මානුවන් දෙදෙන ...

                                               

අකුරැස්ස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය

අකුරැස්ස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය යනු 2009 මාර්තු 10 වන දිනදී, අකුරැස්ස ගොඩපිටිය ජුම්මා පල්ලියේ පැවැත්වූ ආගමික පෙලපාලියකට, දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකි. ප්‍රහාරයෙන් පුද්ගලයෝ 14 දෙනෙක් මියගොස් තවත් 35 දෙනෙකු තුවාල ලැබූහ. තුවාල ලැබූ අය අතර ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි, විදුලිසංදේශ අමාත්‍ය මහින්ද විජේසේකර, මහින්ද යාපා අබේවර්ධන, පණ්ඩු බණ්ඩාරනායක, චන්ද්‍රසිරි ගජධීර, සහ අලී අමීර් යන මහත්වරු වූහ. එලෙසම මිය ගිඅය අතර ප්‍රාදේශීය මන්ත්‍රීවරු කීප දෙනෙක් වූ බවද සඳහන්ය. ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකල පොලිස් පරික්ෂණ වලදී, මරාගෙන මැරුණු එල්ටීටීඊ ...

                                               

මීරියබැද්ද නායයාම 2014

ව්‍යසනය සිදුවීමෙන් වහාම නිකුත් වූ මුල් වාර්ථාවන්හී, නායයාම නිසා අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 300 ක් ලෙසත්, එදින මළ සිරුරු 6 ක් සොයා ගත් බවත් සඳහන් විය. කෙසේ නමුදු ඉන් පසු දිනයේදී, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිළදාරියෙකු වූ ප්‍රදීප් කොඩිප්පිලි මහතාට අනූව, නායයාම නිසා අතුරුදන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 300 සිට 192 දක්වා පහත දැමුණු අතර, සොයා ගැනීමට හැකිවූ මළ සිරුරු ප්‍රමාණයද තුන දක්වා අඩුවී තිබුණි. 30 වනදා සිට සිදුකරනු ලැබූ ගලවාගැනීමේ මෙහෙයුම් තුලදී හමුවූ මිය ගිය අයගේ සංඛ්‍යාව 16 ක් වූ අතර, අතුරුදන් වූවන් තවදුරටත් ජීවතුන් අතර සිටීමේ හැකියාවක නොමැති බවද පසුව නිළදාරීන් විසින් ප්‍රකාශ කරන ලදී. ...

                                               

ගෝකුල්

ගෝකුල් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ්හි මථුරා දිස්ත්‍රික්කයේ පිහිටි නාගරිකයකි. මෙය පිහිටියේ මථුරාවේ සිට 15 km ගිනිකොණ දිගිනි. හින්දූන් විශ්වාස කරන්නේ ක්‍රිෂ්ණ දෙවියන් සිය ළමාවිය ගතකළේ ගෝකුල යේ බවයි.

                                               

සුගතදාස ක්‍රීඩාංගණය

සුගතදාස ක්‍රීඩාංගණය යනු, ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි, බහු-කාර්ය ක්‍රීඩාංගණයක් වේ. එය වර්ථමානයේදී බහුල වශයෙන් පාපන්දු තරග හා මළල ක්‍රීඩා තරගාවලි පැවැත්වීම සඳහා භාවිතා කරනු ලබයි. පුද්ගලයෝ 28.000 - 35.000 පමණ ප්‍රමාණයකට මෙහි සිට තරග නැරඹීමේ අවස්ථාව පවතී.

                                               

ආර්ය පුද්ගලයෝ (බුදු දහම)

බුදු දහමට අනුව සසරට බැද තබන බැමි වල රස සංයෝජන බැමි ලිහිල් කිරීමට උත්සාහ දරන සහ සංයෝජන බැමි ලිහිල් කිරගත් පුද්ගලයෝ ආර්ය පුද්ගලයෝ ලෙස හැඳින්වේ. ආර්ය පුද්ගලයෝ වර්ග 9කි. අනාගාමී ථලස්ථ පුද්ගලයෝ අරහත් මාර්ගස්ථ පුද්ගලයෝ සකෘදාගාමී ථලස්ථ පුද්ගලයෝ සෝවාන් මාර්ගස්ථ පුද්ගලයෝ අනාගාමී මාර්ගස්ථ පුද්ගලයෝ සකෘදාගාමී මාර්ගස්ථ පුද්ගලයෝ අරහත් ථලස්ථ පුද්ගලයෝ සෝවාන් ථලස්ථ පුද්ගලයෝ

                                               

ස්ථූපය

පූජාර්හ වස්තුවක් තැන්පත් කොට ඉදිකළ ගොඩනැගිල්ල. බුදුරජාණන් වහන්සේ ස්ථූප සෑදීම අනුදත් සේක. ඒ අනුව ස්ථූපාර්හ පුද්ගලයෝ සිව් දෙනෙකි. 1. සම්මා සම්බුදුරජාණන් වහන්සේ 2. පසේ බුදුරජාණන් වහන්සේ 3. රහතන් වහන්සේ 4. චක්‍රවර්තී රජු