Back

ⓘ ක්‍රීඩා - ක්‍රීඩා, දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, පැරාලිම්පික්, ඉතිහාසය, පත්‍රකලාවේදය, ඔලිම්පික්, මලල ක්‍රීඩා, ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල, ඔරු පැදීමේ ක්‍රීඩාව ..




                                               

ක්‍රීඩා

ක්‍රීඩාව යනු නීතිරීති හෝ ව්‍යවහාරයන් මාලාවන් විසින් පාලනය කරනු ලැබෙන හා බොහෝ විට තරගකාරී ලෙස නිරත වන ක්‍රියාකාරකමය. ක්‍රීඩා ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තරගකරුගේ කායික ශක්‍යතාවයන් අවසාන ප්‍රතිඵලයේ එකම සහ මූලික නිර්ණය සාධකය වන ක්‍රියාකාරකම්ය. නමුත් බුද්ධිය භාවිතා කරන ක්‍රීඩා සහ මානසික තීක්ෂණභාවය හෝ උපකරණවල තත්වය ප්‍රධාන සාධක වන" මෝටර් රථ ක්‍රීඩා” වැනි ක්‍රියාකාරකම් හැඳින්වීමට ද මෙම යෙදුම භාවිතා කරනු ලැබේ. කායික ක්‍රීඩා සමහරකට සහයෝගීතාව අවශ්‍ය වන අතර ඊට පාපන්දු, පැසිපන්දු, ජල පන්දු ක්‍රීඩාව සහ බේස් බෝල් ක්‍රීඩාව ඇතුළත් වේ.

                                               

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු දකුණු ආසියාව රටක් තුල වර්ෂ දෙකකට වරක් පවත්වන ක්‍රීඩා උළෙලකි. 1983 දී පිහිටුවා ගත් දකුණු ආසියානු ක්‍රීඩා කවුන්සිලය මගින් මෙය සංවිධානය කරයි. මෙම ක්‍රීඩා උළෙලේ වර්ථමාන සාමාජිකයන් වන්නේ ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාල දිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාවයි. පලමු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 1984 දී නේපාලයේ, කත්මණ්ඩු අග නුවරදී පැවැත්විණි. එතැන් සිට වර්ෂ දෙකකට වතාවක් ක්‍රීඩා උළෙල සාමාජික රටවල් තුලදී සංවිධානය විය. 2004 වසරේදී 32 වන වතාවට රැස් වූ දකුණු ආසියානු ක්‍රීඩා කවුන්සිලය විසින්, එතෙක් ක්‍රීඩා උළෙල හැඳින්වූ දකුණු ආසියා සංගමයේ ක්‍රීඩා උළෙල යන න ...

                                               

පැරාලිම්පික්

පැරාලිම්පික් ක්‍රීඩා යනු, කායික, මානසික සහ ඉන්ද්‍රීය සම්බන්ධ ආබාධයන් සහිත මළල ක්‍රීඩකයන් වෙනුවෙන් වූ - බහු ක්‍රීඩා ඉසව්වකි. මෙයට ඇතුළත් වන්නේ චලන ආබාධ, සිරුරේ අවයව කපා ඉවත් කරනු ලැබූවන්, දෘෂ්ටි ආබාධ සහ මස්තිෂ්ක අක්‍රීයත්වය ඇති පුද්ගලයන්ය. පැරාලිම්පික් ක්‍රීඩා, ඔලිම්පික් ක්‍රීඩාවලට අනුගාමීව සෑම වසර 04 කට වරක්ම පවත්වනු ලබන අතර එය ජ්‍යාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව විසින් පාලනය කරනු ලැබේ. ග්‍රීක භාෂාවේ නමක් වන" Para” යන්න" සමීප ” හෝ" පැත්තක ” යන අර්ථය ගෙන දෙන අතර එබැවින් ඔලිම්පික් ක්‍රීඩාවලට සමගාමීව පවත්වනු ලබන ක්‍රීඩා යන අර්ථය ගෙන දෙයි.මෙය අංශ භාගය හෝ දෙපා අප්‍රාණික වීම යන රෝගවලට කිසිදු සම්බන ...

                                               

ක්‍රීඩා ඉතිහාසය

මීට අවුරුදු 30000 පෙර අතීතයේ අඳින ලද ගුහා චිත්‍ර ප්‍රංශය, අප්‍රිකාව, හා ඕස්ට්‍රේලියාව යන රටවල්වලින් සොයා ගෙන ඇත. මෙම චිත්‍ර තුළින් එකල පැවති ශාන්තිකර්ම, වත්පිළිවෙත්, බහු ශිල්පය පිළිබඳ සාක්ෂි සපයනු ලැබේ. මෙම ගුහා චිත්‍රවල පැවැත්ම තුළින් ඔවුන් ඒ සඳහා දැක් වූ කැමැත්තත්, දක්ෂතාවයත් මැනවින් පිළිබිඹු කෙරේ. නමුත් මෙහි ප්‍රාණවත් බව පවත්වා ගැනීම සඳහා ඔවුන් දැරූ දුෂ්කර ක්‍රියා කලාපයන් පිළිබඳ තොරතුරු සඳහන් නොවේ. එමෙන්ම මේවා තුළින් මිනිසුන් තම විවේකී කාලය ගත කළ ආකාරය පිළිබඳ සාක්ෂි සපයනු ලැබේ. එමෙන්ම මොවුන් විසින් කරන ලද විවිධ ක්‍රියාකාරකම් හා ශාන්තිකර්ම පිළිබඳ ඉතා හොඳින් හා පැහැදිලිව මෙ‍ම ගුහා චිත්‍ර ...

                                               

ක්‍රීඩා පත්‍රකලාවේදය

ක්‍රීඩා පත්‍රකලාවේදය යනු ක්‍රීඩා පුවත් සහ සිද්ධි පිළිබඳව වාර්තාකරණයයි. ක්‍රීඩා පත්‍රකලාවේදීන් බැරෑරුම් සිද්ධි වාර්තා නොකරන නිසා බොහෝ පුවත්පත්වල ක්‍රීඩා අංශයට" සෙල්ලම් බඩු අංශය ”නම් නමක් පටබැඳ ඇත. ධනයෙන්, බලයෙන් සහ බලපෑමෙන් ක්‍රීඩා වැඩෙන විට මෙම පත්‍රකලාවේදය ද වර්ධනය වී ඇත. ප්‍රවෘත්ති ආයතනයක ක්‍රීඩා ජනමාධ්‍ය අත්‍යවශ්‍ය අංගයකි. සමහර ප්‍රවෘත්ති ආයතන ක්‍රීඩා සඳහා ම කැපවී ඇත. උදාහරණ - ප්‍රංශයේ" ලා ඉක්විප් ”, ඉතාලියේ" ලා ගැසටා ඩෙලෝ ස්පොට්, සහ දැන් ප්‍රකාශනය නොවන බ්‍රිතාන්‍යයේ "ස්පෝටින් ලයෆ්" ය.

                                               

ඔලිම්පික්

ඔලිම්පික් යනු දහස් ගණන් ක්‍රීඩකයන් විවිධ ක්‍රීඩාවන් සඳහා සහභාගී වන ප්‍රමුඛ අන්තර්ජාතික උත්සවයකි. රටවල් 200කට අධික ප්‍රමාණයක ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙය, ලොව ප්‍රමුඛතම ක්‍රීඩා උළෙල බව අවිවාදයෙන්ම පිළිගැනේ. වර්තමානයේ එක් ඍතුවකට අයත් ඔලිම්පික් උළෙලක් වසර හතර‍කට වරක් පැවැත්වෙන පරිදි ග්‍රීෂ්ම සහ ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා දෙවසරකට වරක් ප්‍රත්‍යාවර්ථනය වෙමින් පැවැත්වේ. ක්‍රිස්තු පූර්ව 8 වන සියවසේ සිට ක්‍රිස්තු පූර්ව 4 වන සියවස දක්වා වූ ආරම්භක කාලයේ දී පුරාතන ඔලිම්පික් ක්‍රීඩා ග්‍රීසියේ ඔලිම්පියාහි දී පැවැත්විණ. ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක්වූ පියරේ ද කුබටීන් නම් වංශාධිපතියා විසින් 1894 ව ...

මලල ක්‍රීඩා
                                               

මලල ක්‍රීඩා

මළල ක්‍රීඩා ජවන හා පිටිය මළල ක්‍රීඩා ලෙස ද හැඳින්වේ. එය දිවී‍ම, විසි කිරීම හා පැනීම යන ඉසව්වලින් සමන්විත වේ. මෙනම සෑදී ඇත්තේ" ඇත්ලෝස්” නම් වන ග්‍රීක වචනයෙනි. එහි තේරුම" තරඟය” නම් වේ.

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල
                                               

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල යනු වර්ෂ දෙවතාවකට වතාවක් ආසියානු රටක් තුල පවත්වන වෙරළ ක්‍රීඩා උළෙලකි. මෙම ක්‍රීඩා උළෙල ආසියානු ඔලිම්පික් කමිටුවේ නියාමනය යටතේ පවතී. පලමු වෙරළ ක්‍රීඩා උළෙල 2008 දී ඉන්දුනීසියාව තුල, බාලි දූපතේදී පැවැත්විනි.

                                               

එල්ලේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

හ්‍රී ලාංකිය ජාතියට ආවේණීක ක්‍රීඩාවකි එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් දහසය දෙනකු යොදා ගනිමින් පවත්වනු ලබයි. මෙම ක්‍රීඩාව කණෟඩායම් වශයෙන් පිත්තෙන් පන්දුවට පහර දෙනු ලබන තරගයන්ගේ ගණයට අයත් වේ.

ඔරු පැදීමේ ක්‍රීඩාව
                                               

ඔරු පැදීමේ ක්‍රීඩාව

එකිනෙකාට එරෙහිව ගංඟාවක, වැවක හෝ මුහුදක කෙරෙන තරඟයක් ලෙස ඔරු පැදීමේ ක්‍රීඩාව හැඳින්විය හැකිය. බෝට්ටුව වේගයෙන් ඉදිරියට ගෙන යන්නේ ජලයට එරෙහිව හබල් ගෑමෙනි. ක්‍රීඩකයන්ගේ කාය ශක්තිය මත තරඟකාරීව සිදුකෙරෙන මෙම ක්‍රීඩාව ඉතා ඉහල විනෝදාස්වාදයක් ගෙන දේ. මෙය පැරණිම ඔලිම්පික් ක්‍රීඩා අතරින් එකකි. එක්සත් ජනපදයේ, ඔස්ට්‍රේලියාවේ හා කැනඩාවේ උසස් පාසැල්, ක්‍රීඩා අතර මෙය නාවික පිරිසක් එකතුව කෙරෙන ක්‍රීඩාවක් ලෙස හඳුන්වයි.

තුන් ප්‍රයාමය
                                               

තුන් ප්‍රයාමය

තුන් ප්‍රයාමය යනු විඳ දරා ගැනීමේ හැකියාව හා බැඳුනු විෂයයන් තුනක් අඛණ්ඩව සහ අනුක්‍රමිකව නිම කිරීමේ බහු-අදියර තරගයකි. ක්‍රීඩාවේ විවිධ මාදිලි පැවතුණත් වඩාත් ජනප්‍රිය වන්නේ පිහිනීම, පාපැදි ධාවනය සහ දිවීම ඇතුළත් ආකාරය යි. මෙහිදී විවිධ දුර ප්‍රමාන වඩාත් ඉක්මනින් අවසන් කිරීම අපේක්ෂා කරයි. Triathlon යන ඉංග්‍රීසි වචනය සෑදී ඇත්තේ ග්‍රීක භාෂාවේ තුයන අරුත සහිත τρεῖς සහ ක්‍රීඩාව යන අරුත සහිත ἆθλος යන වචන එක් වීමෙනි.

දක්ෂතම පැරණි ක්‍රීඩකයින්
                                               

දක්ෂතම පැරණි ක්‍රීඩකයින්

එල්ලේ ක්‍රීඩාවේ දක්ෂ පැරණිතම ක්‍රීඩකයින් රාශියක් ඇත එම අයවලුන්ගේ විස්තර පහතින් දක්වා ඇතත් තවත් ජාතික එල්ලේ ශුරයින් මෙන්ම ශුරතා දිනාගන්නා ලද ක්‍රීඩකයින් බොහෝය.එල්ලේ ජාතික කණ්ඩායමක් නොමැති වුවද,ගම්භද නගරබද තරග මෙන්න එල්ලේ ජාතික ශුරතා තරග මාලාවන් හිදී ශුරයින් වශයෙන් කුසලතා සහ සහතිකලත් දිනාගන්නා ලද බොහෝ ක්‍රීඩකයිනද නැත්තේ නොවේ. බලන්න එල්ලේ ක්‍රිඩාව පිළිබද.ශ්‍රී_ලංකා_එල්ලේ ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාවේ විස්තර එල්ලේwww.srilankaelle.com එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් ලියවුන ප්‍රථම වෙබ් පිටුව

මෝටර් රථ ධාවන තරග
                                               

මෝටර් රථ ධාවන තරග

මෝටර් රථ ධාවන තරග යනු, තරග වැදීම සඳහා මෝටර් රථ ධාවනයෙහි යෙදීම සිදුවන්නාවූ ක්‍රීඩාවකි. මෝටර් රථ ධාවන තරගයන්හී විවිධවූ වෙනස් ප්‍රභේද ඇත.

                                               

ලෝක සැහැල්ලු බර පංති ශූරතාවය

සී.එම්.එල්.එල්. ලෝක සැහැල්ලු බර පංති ශූරතාව ය යනු 1991 සිට "කොන්සෙජො මුන්ඩයල් දි ලුචා ලිබ්‍රෙ" විසින් හඳුන්වා දුන් වෘත්තීමය ලෝක රෙස්ලින් ශූරතාවයකි. වෘත්තීමය රෙස්ලින් ශූරතාවය යනු තරඟාවලියක් ජයග්‍රහණය කිරීම නොව පෙර පිටපතකට අනුව දිවෙන තරඟ මාලාවක අවසානයකි. සැහැල්ලු බර පංතිය සඳහා මෙක්සිකෝවේ පිළිගත් නිල බර වනුයේ කිලෝ ග්‍රෑම් 92ත් 97 ත් අතරය.නමුත් මෙම සීමාවන් තදින්ම පිලිපැදීමක් සෑම විටම සිදු නොවේ.එයට හේතු වන්නේ "ලුචා ලිබ්‍රෙ" විසින් අවධාරණය කර ඇති පරිදි බර පහල පංතීන් වඩා වැදගත් කොට සැලකීමයි.

හොකී
                                               

හොකී

හොකී ක්‍රීඩවකි. එක් පිලකට සමජිකයන් 11ක් සහභාගී වේ. හොකී යනු කණ්ඩායම් දෙකක් එකිනෙක පරයා ගෝලයක් වාර්ථා කිරීමට යත්න දරන ක්‍රීඩාවකි. මෙහිදී ‘පක්’ නමින් හඳුන්වන බෝලයක් හෝ තද රවුම් ඩිස්කයක් භාවිතා කරයි. විරුද්ධ පිළේ දැල තුළට එය පිත්තෙන් විසිකිරීම මගින් ගෝලයක් ලබාගැනීම සිදු කරයි. කිසියම් ප්‍රදේශයක වඩාත් ප්‍රචලිත හොකී ක්‍රීඩා ආකාරය සරලව එම ප්‍රදේශ වලදී හොකී ලෙස හැඳින්වේ.

සීමිත ඕවර් ක්‍රිකට්
                                               

සීමිත ඕවර් ක්‍රිකට්

එක් දින ජාත්‍යන්තරය යනු, සීිමිත ඕවර් ක්‍රිකට් ආකෘතියක් වන අතර, ජාත්‍යන්තර තත්ත්වයේ කණ්ඩායම් දෙකක් අතර ක්‍රීඩා කෙරෙමින්, එක් එක් කණ්ඩායම කිසියම් වෙනස් නොවන ඕවර ගණනකට, සාමාන්‍යයෙන් ඕවර පනහකට, මුහුණ දෙති.