Back

ⓘ Ayurvedic interpretation of disease. ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම බොහොමයක් ශාක සාර ඖෂධ වේ. ඇතැම් ඒවා ස්වාභාවික ඛණිජමය නිෂ්පාදන වේ. මේවා ආයුර්වේදයට අනුව පහත සඳහන් ගු ..




                                     

ⓘ Ayurvedic interpretation of disease

ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම බොහොමයක් ශාක සාර ඖෂධ වේ. ඇතැම් ඒවා ස්වාභාවික ඛණිජමය නිෂ්පාදන වේ. මේවා ආයුර්වේදයට අනුව පහත සඳහන් ගුණාංග වලින් යුක්ත වේ.

  • ගුණ - ගුණය
  • වීර්ය - රත්වීමේ හෝ සිසිල් වීමේ හැකියාව බලවත් කම
  • ප්‍රභාව - යම්කිසි ද්‍රව්‍යයකට විශේෂණය වු ශක්තිය
  • විපාක - ජීර්ණය හා පරිවෘත්තියෙහි බලපැම
  • රස - රසය

පොදුවේ ගත් කළ සියළුම ශාකමය ඖෂධ සඳහා වාත, පිත්ත, කප්හ යන තුන් දොස් වැඩි කිරීමේ හෝ අඩු කිරීමේ විවිධ මට්ටමින් හා විවිධ සංකලනයන්ගෙන් යුක්ත වේ. සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍යවරයෙකු මගින් තුන්දොස්හි සමතුලිතතාවය වෙනස්වී ඇති අන්දම අවබෝධකර ගැනීම මගින් රෝගවලට ප්‍රතිකාර කරනු ලැබේ. ඉන්පසු ඔහු අදාල ශාකමය ඖෂධ එකක් හෝ කිහිපයක් සංකලනයක් වන පරිදි නිවැරදි මාත්‍රාවන්ගෙන් නිර්දේශ කර අදාල දෝෂයන් මුලින් තිබු තත්වයට පත් කර රෝග සුව කර සාමාන්‍ය සෞඛ්‍ය තත්වය නැවත ලබාදේ.

විෂහරණය පංචකර්ම

ආයුර්වේදයෙහි එන මෙම උප ‍ක්ෂේත්‍රය මගින් විවිධ වු විෂ හරණ ක්‍රම මගින් රෝග වලක්වා ගැනීම හා පාලන ක්‍රම ගැන ඉගැන්වේ. මේවා පංච කර්ම නම් අංග 5කින් යුක්ත වේ.

  • විරේචන - විරේක කිරීමේ ප්‍රතිකාර
  • රක්ත මෝක්ෂ - ලේ වහනය කරවීම
  • බස්තිස් නිරූන හා අනුවංශ ලෙස වර්ග කෙරේ - ශාකසාර හා තෛලමය කසාය මගින් ලබාදෙන වස්ති
  • නාසය - ආඝ්‍රාහණය
  • වමන - වමනය ඇති කිරීමේ ඖෂධ