Back

ⓘ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය. මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙසින්ද හැඳින්වෙන, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය PICS ..




පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
                                     

ⓘ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙසින්ද හැඳින්වෙන, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (PICS; ඉංග්‍රීසි: Pallekele International Cricket Stadium, යනු ශ්‍රී ලංකාවේ නවතම ක්‍රිකට් ක්‍රීඩාංගන අතුරින් එකක් වන අතර මහනුවර නගරයේ නවතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙයි. මෙම ක්‍රීඩාංගනය මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙසින් යළි-නම්කෙරුණි. 2010 ජූලි මසදී, මධ්‍යම පළාත් සභාව ඒකමතිකව තීරණය කළේ, ශාන්ත අන්තෝනි විදුහලෙහි ආදි ශිෂ්‍ය සහ මහනුවර උපත ලද ජනප්‍රවාදගත ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සිහිවීම පිණිස ක්‍රීඩාංගණය යළි-නම් කිරීමටය.

2009 නොවැම්බර් 27 දිනදී ක්‍රීඩාංගණය විවෘත කරන ලදි.

                                     

1. පිට්ටනිය සංඛ්‍යාලේඛන

ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබද තොරතුරු:

  • Infield of the ground would be covered with Blue grass
  • ක්‍රීඩාංගනයේ අරය: 100 මීටර
  • අන්තරාලය පළල: 10 මීටර
  • ක්‍රීඩාංගනයේ උස: 22 මීටරය
  • ක්‍රීඩාංගනයේ පළල: 189 මීටර
  • අන්තරාලයය දිග: 90 මීටර
  • ක්‍රීඩාංගනයේ දිග: 243 මීටර
  • තණපිටිය ඔස්ට්‍රේලියාවට අයත් කෘත්‍රිම තණබිම සකසා ඇත