Back

ⓘ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2017-18. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට, එනම් 2017 නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස තුලදී, ඉන්දියාවෙහි සංචාරයක නි ..




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2017-18
                                     

ⓘ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2017-18

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට, එනම් 2017 නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස තුලදී, ඉන්දියාවෙහි සංචාරයක නිරත වෙමින් සිටියි.මුල් න්‍යායපත්‍රය පරිදී, සංචාරය සඳහා ටෙස්ට් තරග තුනක්ද, එක් දින ජාත්‍යන්තර පහක්ද සහ 2018 පෙබරවාරි මාසයෙහිදී ඇරඹෙන විස්සයි20 ජාත්‍යන්තර තරගයක්ද අඩංගු විය.

2017 මාර්තු මාසයෙහිදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය SLC විසින්, ශ්‍රි ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගී වන සීමිත ඕවර තුන්කොන් තරගාවලියක් වන නිදහස් කුසලානය 2017–18 සඳහා දින ප්‍රකාශයට පත්කෙරිණි. මෙය පැවැත්වීමට නියමිතව තිබුණේ 2018 වසරෙහි මැයි මාසයෙහිය. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පැවසුවේ මෙම ඉන්දීය සංචාර තරගාවලියෙහි පැවැත්වීමට නියමිතව තිබූ සමහරක් සීමිත-ඕවර තරග, ඒ අනුව නිදහස් කුසලාන තරගාවලියෙහි ක්‍රීඩා කෙරෙන බවය. ඒ අනුව තරග සංචාරය සඳහා සංශෝධිත න්‍යාය පත්‍රයෙහි ටෙස්ට් තරග තුනක්, එදිජා තුනක් සහ වි20ජා තුනක් අඩංගු විය.

එක්දින සහ විස්සයි20 තරගාවලියේදී විරාත් කෝලි වෙනුවට රෝහිත් ශර්මා ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට පත්විය. එමෙන්ම උපුල් තරංග වෙනුවට තිසර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සහ විස්සයි20 නායකත්වයට පත්විය.

ඉන්දියාව ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයගත් අතර, තරග 2 ක් ජය පරාජයෙන් තොරව නිමා විය.

ඉන්දියාව එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගත්තේය.

විස්සයි20 තරගාවලියේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස චන්දික හතුරුසිංහ පත්විය.