Back

ⓘ ස්පාඤ්ඤය, නිල වශයෙන් ස්පාඤ්ඤ රාජධානිය ලෙස හැඳින්වෙන්නේ නිරිතදිග යුරෝපයේ අයිබීරියන් අර්ධද්වීපයේ පිහිටි ස්වෛරී රාජ්‍යයකි. එය සතු දූපත් මධ්‍යධරණී මුහුදේ සහ අත්ලන්ත ..




ස්පාඤ්ඤය
                                     

ⓘ ස්පාඤ්ඤය

ස්පාඤ්ඤය, නිල වශයෙන් ස්පාඤ්ඤ රාජධානිය ලෙස හැඳින්වෙන්නේ නිරිතදිග යුරෝපයේ අයිබීරියන් අර්ධද්වීපයේ පිහිටි ස්වෛරී රාජ්‍යයකි. එය සතු දූපත් මධ්‍යධරණී මුහුදේ සහ අත්ලන්තික් සාගරයේ පවතී. තවද ස්පාඤ්ඤ රාජධානියට අයත් භූමිප්‍රදේශ උතුරු අප්‍රිකානු වෙරළාසන්නයේ ද පිහිටා ඇත. ජිබ්‍රෝල්ටාව සමඟ ඇති කුඩා භෞමික දේශ සීමාව හැරුණු විට ප්‍රධාන ස්පාඤ්ඤ භූමිය දකුණින් සහ නැගෙනහිරින් මධ්‍යධරණී මුහුදෙන් ද, උතුරින් සහ ඊසාන දිගින් ප්‍රංශය, ඇන්ඩෝරා සහ බිස්කේ බොක්කෙන් ද, බටහිරින් සහ වයඹ දිගින් පෘතුගාලයෙන් සහ අත්ලන්තික් සාගරයෙන් ද මායිම් වේ. ප්‍රංශය සහ මොරොක්කෝව හැරුණු විට අත්ලන්තික් සහ මධ්‍යධරණී වෙරළ තිර දෙකම පවතින අනෙක් එකම රට වන්නේ ස්පාඤ්ඤය යි. 1.214km ක් විහිදෙන ස්පාඤ්ඤ-පෘතුගාල දේශ සීමාව, යුරෝපා සංගමයේ රටවල් දෙකක් අතර පවතින දිගම දේශ සීමාව යි.