Back

ⓘ සන් බෙල්ට් යනු අග්නිදිග සහ වයඹදිග එක්සත් ජනපදය පුරා දිවෙන ප්‍රදේශයක් ලෙසින් සාමාන්‍යයෙන් සැලකෙන භූමිභාගයකි. තවත් දළ අර්ථදැක්වීමක් වනුයේ 36වන සමාන්තරයට දකුණින් ප ..




සන් බෙල්ට්
                                     

ⓘ සන් බෙල්ට්

සන් බෙල්ට් යනු අග්නිදිග සහ වයඹදිග එක්සත් ජනපදය පුරා දිවෙන ප්‍රදේශයක් ලෙසින් සාමාන්‍යයෙන් සැලකෙන භූමිභාගයකි. තවත් දළ අර්ථදැක්වීමක් වනුයේ 36වන සමාන්තරයට දකුණින් පිහිටි භූමිභාගය යන්නයි.

සන් බෙල්ට් භූමිභාගයෙහි ප්‍රධාන අර්ථනිරූපණ ගුණාංගය වන්නේ, විස්තීරණ ගිම්හාන කාලයන් සහිත සහ කෙටි හා සංසන්දනාත්මක ලෙසින් සෞම්‍ය ශිශිර කාලයන් වෙතින් හෙබි උණුසුම් දේශගුණය වෙයි. භූමිප්‍රදේශය තුල, කාන්තාර/ අර්ධ-ශුෂ්ක, මධ්‍යධරණි කැලිෆෝර්නියාව, තෙත් උපනිවර්තන, සහ නිවර්තන ෆ්ලොරිඩා දේශගුණයක් දැකගත හැකිය.

උණුසුම් සහ ප්‍රබෝධමත් දේශගුණයක් බලාපොරොත්තු වන ජනයාගේ ආගමනයක්, විශ්‍රාම පත් වන්නාවූ බිලිඳු උත්පාතිකයන්ගේ සර්ජනයක්, සහ වර්ධනය වන ආර්ථික ප්‍රස්තාවන් යන හේතූන් නිසා 1960 ගණන් වල සිට සන් බෙල්ට්හී සැලකිය යුතු ජනගහණ වර්ධනයක් දක්නට ලැබිණි. වායු සමනය කිරීමෙහි ආගමනය විසින්, ෆැරන්හයිට් උෂණත්ව ක්‍රමයෙන් සංඛ්‍යාංක-තුනකට වැඩි සෙල්සියස් 37.7 ට වැඩි උෂ්ණත්වයන් සාමාන්‍යයෙන් පවතින කාන්තාරමය වයඹදිග ප්‍රදේශයෙහි ගිම්හාන කාල උණුසුම විඳ දරාගැනුමට ජනතාවට පහසු කරවන ලදි. මෑත වසර කිහිපයෙහිදී, ජල හිඟතාවයන්, නියඟයන්, සහ මෙක්සිකානු දේශසීමාව අසල මත්ද්‍රව්‍ය හොර ජාවාරම යන්නන් වයඹදිග ප්‍රදේශයෙහි ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇති කළේය.