Back

ⓘ විද්‍යාඥයෝ යනු, කිසියම් ක්‍රියා පිළිවෙලකට දැනුම උකහා ගැනීමෙහි ක්‍රියාවලියක නියැලෙන පුද්ගලයෝ වෙති. වඩාත් දැඩි පිළිවෙලකින් අර්ථනිරූපණය කෙරෙතොත්, විද්‍යාඥයෙක් යන්න ..




විද්‍යාඥයෝ
                                     

ⓘ විද්‍යාඥයෝ

විද්‍යාඥයෝ යනු, කිසියම් ක්‍රියා පිළිවෙලකට දැනුම උකහා ගැනීමෙහි ක්‍රියාවලියක නියැලෙන පුද්ගලයෝ වෙති. වඩාත් දැඩි පිළිවෙලකින් අර්ථනිරූපණය කෙරෙතොත්, විද්‍යාඥයෙක් යන්නෙන් අදහස් වන්නේ, විද්‍යාත්මක ක්‍රමය භාවිතා කරන පුද්ගලයෙක් වෙයි. මෙම පුද්ගලයා, විද්‍යාවෙහි එක් ක්ෂේත්‍රයක හෝ බොහෝ ක්ෂේත්‍රයන්හී හෝ හසලයෙක් විය හැකිය. මෙම ලිපිය විසින් අවධානය යොමු කරන්නේ වදනෙහි වඩාත් පටු භාවිතය වෙතය. භෞතික, ගණිතමය සහ සාමාජීය ක්ෂේත්‍රයන් ඇතුළු ස්වභාවධර්මය පිළිබඳ වඩාත් පෘථුල අවබෝධයක් සාක්ෂාත් කර ගැනුම වෙත පර්යේෂණ සිදු කිරීම විද්‍යාඥයින් වෙතින් සිදු වෙයි.

දර්ශන විද්‍යාව යනු ප්‍රභින්න ක්‍රියාවලියක් වන අතර එය සාමාන්‍යයෙන් විද්‍යාව ලෙසින් නොසැලකෙයි.

කිසියම් විශේෂිත අවස්ථා සඳහා මෙවලම් සැලසුම් කිරීම, තැනීම සහ නඩත්තුකිරීම සිදු කරන ඉංජිනේරුවන් වෙතින්ද විද්‍යාඥයෝ වෙනස් වෙති; කෙසේවෙතත්, විද්‍යාව සහ විද්‍යාත්මක ක්‍රමය පිළිබඳ සැලකිය යුතු අධ්‍යයනයකින් තොරව කිසිම ඉංජිනේරුවරයෙකුට එම පදවිය අත්පත් කර ගත හැකි නොවේ. ප්‍රායෝගික උපයෝගිතාවයක් වෙත එල්ල කරමින් විද්‍යාව මෙහෙයවෙන විට එය හැඳින්වෙන්නේ ව්‍යවහාරික විද්‍යාව ලෙසිනි. ව්‍යවහාරික විද්‍යාඥයෙක් විසින් කිසියම් විශේෂිත දෙයක් සැලසුම් කිරීම සිදු නොවිය හැකි අතර, ඒ වෙනුවට ඔහු වෙතින් නව තාක්ෂණ ක්‍රමවේද සහ ප්‍රායෝගික ක්‍රම ප්‍රවර්ධනය කිරීමෙහි අරමුණ සහිතව පර්යේෂණ සිදු විය හැකිය. යථාර්ථයෙහි අස්පර්ශනීය අංශයන් ඇතුළුව විද්‍යාව මෙහෙයවෙන විට එය ස්වභාවික දර්ශන විද්‍යාව ලෙසින් හැඳින්වෙයි.

                                     

1. ජනවිකාසය

විද්‍යාඥයින් ගණන රටකින් රටකට බෙහෙවින් වෙනස් වෙති. නිදසුනක් වශයෙන්, කම්කරුවන් 10.000 සඳහා පූර්ණ-කාලීන විද්‍යාඥයින් 4 දෙනෙකු ඉන්දියාවෙහි සිටින අතර මෙම සංඛ්‍යාව එක්සත් රාජධානියෙහි සහ එක්සත් ජනපදයෙහි 79 ක් වෙයි. තෝරාගත් රටවල් සඳහා කම්කරුවන් 10.000 සඳහා මෙම සංඛ්‍යාව පහත දැක්වෙයි:

  • එරා: 79
  • ඉන්දියාව: 4
  • ඊජිප්තුව: 14
  • කැනඩාව 73
  • චිලි: 7
  • ඇඑජ: 79
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය: 15
  • ප්‍රංශය: 68
  • නවසීලන්තය: 35
  • චීනය: 18
  • රුසියාව: 58
  • පකිස්තානය: 3
  • ඉන්දුනීසියාව: 1
  • ජපානය: 18
  • තායිලන්තය: 2
  • ජර්මනිය: 70
  • බංග්ලාදේශය: 2
  • ස්පාඤ්ඤය: 54
  • නයිජීරියාව: 1
  • බ්‍රසීලය: 14
  • ඕස්ට්‍රේලියාව 69
  • කෙන්යාව: 6
  • ඉතාලිය: 70
  • මලයාසියාව: 2
  • සවුදි අරාබියාව: 15
  • දකුණු අප්‍රිකාව: 20
                                     

2. ඓතිහාසික ප්‍රවර්ධනය සහ පදයෙහි ශබ්දනිරුප්තිය

මෙයද බලන්න: විද්‍යාත්මක ක්‍රමයෙහි ඉතිහාසයෙහි කාලානුක්‍රමය සහ විද්‍යාත්මක විප්ලවය

19වන සියවසෙහි අවසන් භාගය හෝ 20වන සියවසෙහි මුල් භාගය දක්වා විද්‍යාඥයින් හැඳින්වුනේ, "ස්වභාවික දර්ශනවේදීන්" හෝ "විද්‍යාවෙහි නියැලෙන්නන්" ලෙසිනි.

                                     

2.1. ඓතිහාසික ප්‍රවර්ධනය සහ පදයෙහි ශබ්දනිරුප්තිය පුරාතන සහ මධ්‍යතන යුගයන්හී විද්‍යාව

සම්භාව්‍ය පුරාතනයෙහි ස්වභාවධර්මය පිළිබඳ අවබෝධය උකහා ගැනුමේ කර්තව්‍යයෙහි විවිධ ආකාරයෙහි ශාස්ත්‍රඥයෝ නිරතව සිටියහ. ග්‍රීකයෝ විද්‍යාවට දායකත්වය සැපයූ අතර - ජ්‍යාමිතිය සහ ගණිතමය තාරකා විද්‍යාව පිළිබඳ කෘත්‍යයන්, ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් සහ ශාක සහ සත්ත්ව වට්ටෝරු සහ දැනුම සහ උගෙනුම පිළිබඳ ආදි විස්තර ඇතුළු -, දර්ශනවේදීන් සහ වෛද්‍යවරුන් අතින් මෙන්ම, විවිධ වෘත්තීන්හී නියැලුනු නියුක්තිකයන් විසින්ද එම දායකත්වය සැපයුනි. මෙම භූමිකා සහ, විද්‍යාත්මක දැනුම හා සමගින් ඒවායේ සබඳතා, රෝමානු අධිරාජ්‍යය සහ, ක්‍රිස්තියානි ආගමෙහි පැතිරීම හා සමගින් පැතිරුණු අතර, යුරෝපියානු රටවල් අතරින් බොහෝමයක ආගමික ආයතන සමග සමීපයෙන් බැඳීමකට ලක් විය. දැනුමෙහි වැදගත් අංග බවට ජ්‍යෝතීර්ශාස්ත්‍රය සහ තාරකා විද්‍යාව පත්වූ අතර, දේශපාලන සහ ආගමික අනුග්‍රහයෙහි උපකාරයෙන් ජ්‍යෝතීර්ශාස්ත්‍රඥයාගේ/තාරකා විද්‍යාඥයාගේ භූමිකාව ප්‍රවර්ධනයට ලක් විය. මධ්‍යතන විශ්වවිද්‍යාල ක්‍රමය එළිදකිත්ම, ත්‍රිවීථියකට - දර්ශන විද්‍යාව, ස්වභාවික දර්ශන විද්‍යාව ඇතුළු - සහ චතූර්වීථිය - ගණිතය, තාරකා විද්‍යාව ඇතුළු - ලෙසට බෙදිණි. එහෙයින්, විද්‍යාඥයින්ගේ මධ්‍යතන ප්‍රතිසමයන් වූයේ දර්ශනවේදීන් හෝ ගණිතඥයින් වූහ. ශාක සහ සත්ත්වයන් පිළිබඳ දැනුම, පුළුල් වශයෙන් චිකිත්සකයන්ගේ විෂය ප්‍රදේශය විය.