Back

ⓘ වැන් ඩ වාල්ස් අන්තර්ක්‍රියා. අණු අතර පවත්නා සියලූ ම වර්ගවලට අයත් අන්තර් අණුක අන්තර්කි‍්‍රයා පොදුවේ වැන් ඩ වාල්ස් අන්තර්කි‍්‍රයා ලෙස හැඳින්වේ. වැන් ඩ වාල්ස් අන්ත ..




වැන් ඩ වාල්ස් අන්තර්ක්‍රියා
                                     

ⓘ වැන් ඩ වාල්ස් අන්තර්ක්‍රියා

අණු අතර පවත්නා සියලූ ම වර්ගවලට අයත් අන්තර් අණුක අන්තර්කි‍්‍රයා පොදුවේ වැන් ඩ වාල්ස් අන්තර්කි‍්‍රයා ලෙස හැඳින්වේ. වැන් ඩ වාල්ස් අන්තර්කි‍්‍රයා ආකර්ශක බල හෝ විකර්ශක බල විය හැකිය. මෙම අන්තර්කි‍්‍රයා ආකාර පහකට වර්ග කළ හැකි ය.

  • අපකිරණ ලන්ඩන් බල
  • ද්විධ‍්‍රැව - පේ‍්‍රරිත ද්විධ‍්‍රැව අන්තර්ක‍්‍රියා
  • ද්විධ‍්‍රැව - ද්විධ‍්‍රැව අන්තර්ක‍්‍රියා සහ හයිඩ‍්‍රජන් බන්ධන
  • අයන - පේ‍්‍රරිත ද්විධ‍්‍රැව අන්තර්කි‍්‍රයා
  • අයන - ද්විධ‍්‍රැව අන්තර්ක‍්‍රියා
                                     

1. අයන - ද්විධ‍්‍රැව අන්තර්ක‍්‍රියා

යම් කැටායනකට හෝ ඇනායකට ධ‍්‍රැවීය අණුවක් ආකර්ෂණය වීමේ දී මෙම අන්තර්කි‍්‍රයා ඇති වේ. මෙම අන්තර්කි‍්‍රයාවල ප‍්‍රබලත්වය අයනවල ප‍්‍රමාණය, ආරෝපණය සහ ද්විධ‍්‍රැවයේ විශාලත්වය මත රඳා පවතී.

                                     

2. හයිඩ්‍රජන් බන්ධන

ෆ්ලූවොරීන්/ක්ලෝරීන්/නයිට්‍රජන් වැනි එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් හෝ යුගල් කිහිපයක් හෝ සහිත විද්‍යුත් ඍණ පරමාණුවකට X සහසංයුජ ව බැඳුණු හයිඞ්රජන් පරමාණුවක් හා ෆ්ලූවොරීන්/ක්ලෝරීන්/නයිට්රජන් වැනි එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් හෝ යුගල් කිහිපයක් හෝ සහිත වෙනත් විද්‍යුත් ඍණ පරමාණුවක් ‍Y අතර හට ගන්නා විශේෂ ආකාරයක ඉලෙක්ට්‍රොනික අන්තර්කි‍්‍රයාවක් හයිඩ්‍රජන් බන්ධනය ලෙස හැඳින්වේ. මෙම අන්තර්කි‍්‍රයාව පහත පරිදි දැක්විය හැකි ය.

X ♭- -H ♭+ --- Y ♭-
                                     

3. අයන - පේ‍්‍රරිත ද්විධ‍්‍රැව අන්තර්කි‍්‍රයා

අයනයක් වැනි ආරෝපිත අංශුවක්, ආරෝපණයක් රහිත නිර්ධ‍්‍රැවීය අණුවක් උදා: උච්ච වායු අණුවක් ආසන්නයේ ඇති විට පරමාණුවේ හෝ අණුවෙහි ඉලෙක්ට්‍රෝන වලාව විකෘති වේ.

උදා:- ජලීය පොටෑසියම් අයඩයිඩ් වල දිය කළ I 2 මගින් I 3 - අයන ඇති වීම.

                                     

4. ද්විධ‍්‍රැව - පේ‍්‍රරිත ද්විධ‍්‍රැව අන්තර්කි‍්‍රයා

මෙම වර්ගයේ අන්තර්කි‍්‍රයා ආරෝපණයක් රහිත නිර්ධ‍්‍රැවීය ප‍්‍රභේද හා ධ‍්‍රැවීය ප‍්‍රභේද අතර හට ගනී.

උදා:- O 2, I 2, Xe වැනි නිර්ධ‍්‍රැවීය ප‍්‍රභේදවල ජලයේ දිය වීම.

                                     

5. අපකිරණ බල ලන්ඩන් බල හෝ ලන්ඩන් අපකිරණ බල

නිර්ධ‍්‍රැවීය අණු හෝ පරමාණු අතර පවත්නා අන්තර් කි‍්‍රයා අපකිරණ බල ලෙස හැඳින්වේ. ඕනෑ ම නිර්ධ‍්‍රැවීය අණුවක් එහි ඉලෙක්ට්‍රෝන වලාව ක්ෂණික විකෘතිතාවකට පත් වීමෙන් තාවකාලික ව ධ‍්‍රැවීකරණයට ලක් විය හැකි ය. එම අණුවේ ධ‍්‍රැවීයතාව හේතුවෙන් තවත් නිර්ධ‍්‍රැවීය අණුවක් තාවකාලික ව ධ‍්‍රැවීය විය හැකි ය. එ වැනි අණු අතර පවත්නා අන්තර්ක‍්‍රියා අපකිරණ බල ලෙස හැඳින්වේ. එ වැනි බල සියලූ ම අණු අතර ඇති වේ. සාමාන්‍යයෙන් සියලූ ම වර්ගවලට අයත් වැන් ඩ‘ වාල්ස් බල අතර දුබල ම ආකාරය වනුයේ අපකිරණ බලයි. කෙසේ වෙතත් ද්විධ‍්‍රැව - ද්විධ‍්‍රැව අන්තර්කි‍්‍රයා ඉක්මවා යන අපකිරණ බල පවතින අවස්ථා ද ඇත.

                                     

6. බාහිර සබැඳි

  • සෙනේසේ, ෆ්‍රෙඩ් 1999. "වැන් ඩ වාල්ස් බල යනු මොනවාද?". ෆ්‍රොස්ට්බර්ග් ප්‍රාන්ත විශ්ව විද්‍යාලය. Retrieved March 2010. වැන් ඩ වාල්ස් බල හඳුන්වාදීමේ විස්තර