Back

ⓘ හෙළයන්ගේ සම්ප්‍රදායික කැඳ වර්ග. පොල්පලා 500ග්රෑම් පැළෑටියම ගත හැකිය, කැකුළු සහල් 100ග්රෑම්, ගා ගත් පොල් 50 ග්රෑම්, සුදුලූනු 10 ග්රෑම්, ඉඟුරු 10 ග්රෑම්, ලුණු 10 ..




                                     

ⓘ හෙළයන්ගේ සම්ප්‍රදායික කැඳ වර්ග

පොල්පලා 500ග්රෑම් පැළෑටියම ගත හැකිය, කැකුළු සහල් 100ග්රෑම්, ගා ගත් පොල් 50 ග්රෑම්, සුදුලූනු 10 ග්රෑම්, ඉඟුරු 10 ග්රෑම්, ලුණු 10 ග්රෑම්, වතුර අඬු කෝප්ප 6,

සෝදා පිරිසුදු කරගත් පොල්පලා කෙටීමට පහසු වන සේ කැබලි කරන්න. ඒවා කොටා එයට වතුර අඬු කෝප්ප 1/2ක් දමා යුෂ මිරිකා ගන්න. පොල් හා එක්වරක් මිරිකා යුෂ ගත් පොල්පලා රොඩු යළිත් කොටා වතුර කෝප්ප 1/2ක් දමා යුෂ මිරිකා වෙන් කර තබන්න. හාල් ගරා වතුර හෝ තෙවැනි වර කොටා මිරිකා ගත් පොල්පලා යුෂ හා ඉඟුරු සුදුලූනුද එක්කර ළිප තබා සියල්ල බෙරි වනතුරු තැම්බෙන්න හරින්න. බෙරි වනතුරු තැම්බූ පසු ඒවා හැන්දෙන් බේරා හොඳින් පොඩිකර පොල් හා පොල්පලා දෙවැනි වර මිරිකා ගත් යුෂ ලුණු සමඟ බඳුනට දමා ළිප මත තබන්න. හැඳි ගාමින් නටවා ගන්න. ළිප නිවා පළමුව මිරිකා ගත් පොල්පලා යුෂ මිශ්ර කොට ළිපෙන් බා තත්පර 30ක් පමණ හැඳි ගා මඳ උණුසුමින් පානය කරන්න.

                                     

1. ඇට කැඳ

අබ කැඳ

අබ ගස සම්පූර්ණයෙන්ම, ලුනුවිල, ගස සම්පූර්ණයෙන්ම කලුකැබ්බේරිය සම්පූර්ණයෙන්ම, අලිගැට පේර දළු ටිකක්‌, අමු ගම්මිරිස්‌ අහුරක්‌. උළුහාල් ස්‌වල්පයක්‌ ගෙන හොඳින් කැඳ සාදා ගන්න. එම කැඳ භාජනය ලිපෙන් බෑමට පෙර කළුදුරු ස්‌වල්පයක්‌ එක්‌කරගෙන මඳ රස්‌නයෙන් පානය කරන්න.ඕනෑම පීනස රෝගියකුට පවතින අපහසුතා පාලනය කර ගැනීම සඳහා සකස්‌කර ගෙන පානය කළ හැකි කැඳ වර්ගයකි.

                                     

2. පිටි කැඳ

කුරක්කන් පිටි කැඳ

කුරක්කන් පිටි 100 ග්රෑම්, සව් හාල් 50 ග්රෑම්, ගා ගත් පොල් 50 ග්රෑම්, ලුණු 5 ග්රෑම්, වතුර අඬු කෝප්ප 6,

කුරක්කන් පිටි භාජනයකට දමා පිටි කැටිගස්වන ක්රමයට පිට්ටු සඳහා පිටි කැටි සාදා ගන්න. පොල් 50 ග්රෑම් මිරිකා මිටි කිරි අඬු කෝප්ප 1/2ක් වෙන් කර තබන්න. ඉතිරි පොල්වලට වතුර දමා දියකිරි අඬු කෝප්පයක් මිරිකා ගන්න. දියකිරි වතුර ළිප තබා උතුරන විට එයට ලුණු මිශ්ර කොට පිටි කැටිති හා සව් හාල් එම නටන දියකිරට එක් කර සෙමෙන් හැඳි ගාමින් තම්බා ගන්න. තැම්බුණු පසු එයට පොල් කිරි එක්කොට ළිපෙන් බා තත්පර කිහිපයක් හැඳි ගාන්න.

                                     

3. රෝග අනුව කැඳ වර්ග

රත්දැල් කැඳ

පෙනහළු ආශ්‍රිත රෝග, සුවනොවන තුවාල ආදියට ගුණදෙයි. සෙම් රෝග වලට ඉතා සුදුසුයි. මුත්‍රා රෝග, පිත්තාශ සහ මුත්‍රා ගල් සඳහා විශේෂ ගුණැති කැඳකි. කුඩා දරුවන්ගේ ආහාරයක්‌ ලෙස පවා භාවිත කළ හැක.

ලේ පිරිසිදු කිරීමට සමත් ය. ඒ නිසා සම පැහැපත් කිරීමේ ගුණයක්‌ද එහි ඇත.

දුටුගැමුණු රජුගේ දස මහා යෝධයන් ආහාරයට ගත්තේ රත්දැල් සහල් බව කියෑවේ.

අර්ශස්

කොහිල අල, වැල්කොහිල, ලේ යාම පවතී නම් කරල්සැඹෝ සුදුසුය, වැල්පෙනෙල කැඳ, අනෝදා කොළ කැඳ

කොලෙස්‌ටරෝල් මට්‌ටම අධික

පැණි ඔලිඳ කොළ කැඳ, කරපිංචා කොළ කැඳ, හීං බෝවිටියා කොළ කැඳ

දියවැඩියාව

හීං බෝවිටියා කොළ කැඳ, මොණරකුඩුම්බිය කොළ කැඳ, කරපිංචා කොළ කැඳ, රණවරා කොළ

ඇදුම

කැහිපිත්තන් කොළ දෙමිටක්‌, පොල් බෑයක පොල් සමඟ කොටා මිරිකා සුදුලූණු බික්‌ පහක්‌ සමඟ හීනටිහාලේ කැඳ දෙන ලෙස දක්‌වා ඇත

මුත්‍රා රෝග

පොල්පළා,ඉරමුසු,නීරමුල්ලිය,රණවරා මෙහිදි නීරමුල්ලියඉකිරියඉදහිට භාවිතායට සුදුසුය.වැඩිපුර භාවිතයෙන් වකුගඩු වලට හානි පැමිනුන අය ඇත.