Back

ⓘ තර්ස්ටන් විද්‍යාලය. වර්ෂ 1950 දී ආරම්භ කරන ලද තර්ස්ටන් විද්‍යාලය කොළඹ නගරය තුළ පිහිටි ප්‍රධාන පෙලේ ජාතික පාසලකි. දිවයිනේ නම්දරා සිටින ගුරුමණ්ඩලයකින් සමන්විතයි.ම ..




                                     

ⓘ තර්ස්ටන් විද්‍යාලය

වර්ෂ 1950 දී ආරම්භ කරන ලද තර්ස්ටන් විද්‍යාලය කොළඹ නගරය තුළ පිහිටි ප්‍රධාන පෙලේ ජාතික පාසලකි. දිවයිනේ නම්දරා සිටින ගුරුමණ්ඩලයකින් සමන්විතයි.මෙහි සිසුන් 4000 කට වැඩි පිරිසක් ඉගෙනුම ලබයි

                                     

1. පාලනය

මෙම අධ්‍යනායතනය, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයවනු ලබන අතර පරිපාලනය විදුහල්පති විසින් සිදුවේ. විදුහල්පතිවර‍යාගේ පරිපාලන සහය සඳහා උප විදුහල්පතිවරයෙක් දායකත්වය සපයනු ලබන අතර. පාසල මූලික වශයෙන් ප්‍රාථමික අංශය, කනිෂ්ට අංශය සහ ජ්‍යේෂ්ඨ අංශය ලෙසින් අධ්‍යයන අංශ තුනකට බෙදා ඇත. ඒ අධ්‍යයන අංශ සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරුන් පත් කර ඇත.

                                     

2. විදුහල්පතිවරුන්

ඩී.ඊ.එ. ෂොක්මන් මහතා: 1950.01.11-1955.12.31

එම්.ඩී. ගුණවර්ධන මහතා: 1956.01.01-1967.01.17

පී.එම්. ජයතිලක මහතා: 1967.02.01-1969.10.09

එස්. පණ්ඩිතසේකර මහතා: 1970.03.16-1974.04.30

ඒ.කේ. විද්‍යාසේකර මහතා: 1974.05.02-1978.01.20

පී.එස්. ගුණසේකර මහතා: 1978.01.24-1987.12.31

එච්.ඩී.එච්. පෙරේරා මහතා:1988.01.01-1992.10.20

එච්.ඩී.එම්.පී වීරතුංග මහතා:1992-2006

යයි.ඒ.එන්.ඩී යාපා මහතා:2006-2013

                                     

3. පහසුකම්

අංග සම්පූර්ණ පිහිනුම්තටාකාංගනයක්,අංග සම්පූර්ණ ක්‍රීඩාංගන 02,අංග සම්පූර්ණ රගර් ක්‍රීඩාංගනයක්,ගෘහස්ථ ක්‍රිකට් ක්‍රිීඩාංගනයක්,අංග සම්පූර්ණ ටෙනිස් පිටියක්,අංග සම්පූර්ණ බාස්කට් බෝල් පිටියක්,නවීන විද්‍යාගාර,දේශන ශාලාවක්,රංග ශාලාවක්

                                     

4. සමිති සහ සංගම්

  • සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය
  • සාමාන්‍ය දැනීම සංගමය
  • ගුවන් විදුලි සංගමය
  • චෙස් සංගමය
  • මාධ්‍ය ඒකකය
  • රතු කුරුස සංගමය
  • නව නිපැයුම්කරුවන්ගේ සංගමය
  • සිංහල කථික හා විවාද සංසඳය
  • ඉංග්‍රීසි නාට්‍ය සංගමය
  • රසායන විද්‍යා සංගමය
  • කථික සමාජය
  • පරිසර සංගමය
  • වාණිජ සංගමය
  • සංගීත කවය
  • ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
  • ගණිත සංගමය
  • ඡායාරූප සංගමය
  • පරිගණක සංගමය
  • තාරකා විද්‍යා සංගමය
  • කෘෂිකර්ම සංගමය
  • බෞද්ධ සංගමය
                                     

5. සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය

අඩ සියවසකටත් වඩා වැඩි කාලයක් මුලුල්ලේ වසරක් පසා බ්ලැක්හැම් විජේවර්ධන කුසලානය උදෙසා තර්ස්ටන්-ඉසිපතන මහා ක්‍රිකට් තරගාවලිය පවත්වනු ලබේ.එදා සිට මේ දක්වා ශ්‍රී ලංකාව තුල බාලක පාසල් ද්විත්වයක් අතර පවත්වන ලබන සාමකාමීම ක්‍රිකට් තරගාවලියයි. මීට සමගාමීව එක් දින ක්‍රිකට් තරගාට වලිය,විවාද තරග,බැඩ්මින්ටන් තරගාවලි,අාදි ශිෂ්‍ය ක්‍රිකට් තරඟ,රථ පෙලපාලි,පා පැදි පෙලපාලි පවත්වනු

                                     

6. පාසල් ගීතය

නැණ ආලෝකය දෙන විදුහල් මව

අප සුමගය සෙවනය සැමදා //

එහි අපි උගනිමු-නැණයෙන් පිබිදෙමු

විනයෙන් සැරසෙමු-අප මව්බිම සඳහා

බස රස කැරුමට-රැස එඩි වැඩුමට

දෙස ඔසවනුවට-කැපවී හැම විට

ලක් දිව නම් දැරු තර්ස්ටන් විදුහල

සිසුවන් අප නිති දිරි වඩමු.//

දිරි වඩමු.//

පද රචනය:දයානන්ද ගුණවර්ධන සංගීතය:ලයනල් අල්ගම