Back

ⓘ 1999 ක්‍රිකට් ලෝක කුසලානය. 1999 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෝක කුසලාන ක්‍රික්ට් ඉතිහාසයේ පැවැත්වුණු 07 වන තරගාවලියයි.මෙම තරගාවලියේ ප්‍රධාන දායකයා වශයෙන් එංගලන ..




                                     

ⓘ 1999 ක්‍රිකට් ලෝක කුසලානය

1999 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෝක කුසලාන ක්‍රික්ට් ඉතිහාසයේ පැවැත්වුණු 07 වන තරගාවලියයි.මෙම තරගාවලියේ ප්‍රධාන දායකයා වශයෙන් එංගලන්තය කටයුතු කළ අතර ඇතැම් තරග ස්කොට්ලන්තය,නෙදර්ලන්තය,වේල්ස් සහ අයර්ලන්තය යන රටවල පැවැත්විණි.මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කරනු ලැබුවේ ඕස්ට්‍රේලියාවයි.ඒ අභිමානවත් ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පකිස්තාන කණ්ඩායම කඩුලු 8 කින් පරාජය කිරීමෙනි.එමෙන්ම මෙම තරගාවලියේ අර්ධ අවසන් වටයට පැමිණීමට නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව සමත් විය.

                                     

1. කණ්ඩායම්

පූර්ණ සාමාජික රටවල් 9 ක් තරග වැදුණු මෙම තරගාවලිය සඳහා පූර්ණ සාමාජිකත්වය නොලත් රටවල් 3 ක්ද සහභාගි විණි.ඒ අතර කෙන්යාව මෙන්ම1997 icc තරගාවලිය හරහා සුදුසුකම් සැපුරූ බංග්ලාදේශ කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායමද ඇතුලත් විය.

                                     

2. පැවැත්වුණු ක්‍රීඩාංගන

එංගලන්තයෙන් පරිබාහිර තරග

ස්කොට්ලන්ත කණ්ඩායමට තරගාවලියේ B කොටසේ තරග දෙකක් තම රටේදීම ක්‍රීඩා කිරීමට හැකිවිය.වේල්සය සහ අයර්ලන්තය B කොටසේ තරග 02 කට සත්කාරකත්වය දැක්වූ අතර නෙදර්ලන්තය A කොටසේ එක් තරගයකට සත්කාරකත්වය දක්වන ලදි.