Back

ⓘ නීතියේ ආධිපත්‍යය. යම් දේශයක් ආණ්ඩුකල යුත්තේ නීතිය මිස ආණ්ඩුවේ ඒ නිලධාරීන්ගේ අත්තනෝමතික හිතුවක්කාරී තීරණ නොවන බව පෙන්වා දෙන නෛතික මූල ධර්මය නීතියේ ආධිපත්‍යය නම් ..




නීතියේ ආධිපත්‍යය
                                     

ⓘ නීතියේ ආධිපත්‍යය

යම් දේශයක් ආණ්ඩුකල යුත්තේ නීතිය මිස ආණ්ඩුවේ ඒ නිලධාරීන්ගේ අත්තනෝමතික හිතුවක්කාරී තීරණ නොවන බව පෙන්වා දෙන නෛතික මූල ධර්මය නීතියේ ආධිපත්‍යය නම් වේ. විශේෂයෙන්ම ආණ්ඩුවේ නිලධාරීන් ගේ චාරිත්‍රමය හැසිරීම් ද ඇතුලත්ව, චාරිත්‍රමය හැසිරීම් වලට ප්‍රතිරෝධිත ලෙස සමාජය තුල නීතියේ බලපෑම සහ ආධිපත්‍යය බල ගැන්වීම කෙරෙහි එහි මූලික අවධානය යොමු කරනවා.

නීති සම්පාදකයින් ඔවුනොවුන්ව ද ඇතුලත්ව,සෑම පුරවැසියෙක් ම නීතියට යටත් බව නීතියේ ආධිපත්‍යය විසින් තහවුරු කරනවා. මේ අර්ථයෙන් එය සියලු එකාධිපත්‍යයන්ට,සාමුහික ඒකාධිකාරිත්වයන්ට, ආඥාදායකත්වයන්ට හෝ පාලකයින් නීතියට ඉහළින් ස්ථානගත රදල ආණ්ඩුවලට නිර්වචනයෙන් අර්ථදැක්වීම ඇවැසි නොවුනද දර්ශීය ලෙස හදුනාගත හැකි එරෙහිව නැගී සිටිනවා. නීතියේ ආධිපත්‍යය අඩු ළුහුඩු වී අභාවයට යාම් ප්‍රජාතන්ත්‍රයන් තුල සහ ආඥාදායකත්වයන් තුල දකින්නට පුළුවන්, නිතිය නොතකා හැරීම හෝ නොසලකා හැරීම,නීතියේ ආධිපත්‍යය සිය හැදියාව කොටගත් ස්වාධීන අධිකරණයක් තිබීම වැනි පරිපාලන අපයෝජනයන් නිවැරිදි කිරීමේ යාන්ත්‍රණයක් නොමැතිවීමෙන්,අයුක්තියක් සිදුවූ විට එය නිවැරිදි කොට යුක්තිය ඉටුකරලීමට අභියාචනා කිරීමේ අයිතිය සැලසෙන ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැතිවීම හෝ මැතිවරණ නොපැවැත්වීම නිසා මෙය සිදුවිය හැකිය.

  • ආශාවන්ගෙන් බලපෑම් නොලත් තාර්කික බුද්ධිය නීතියයි.නැත්නම් බුද්ධියේ උත්තරීතර ප්‍රතිඵලය නීතියයි. -ඇරිස්ටෝටල්-
  • නීතිය යනු රාජ්‍යය විසින් පනවනු ලබන අයිතිවාසිකම් හා යුතුකම් පද්ධතියකි ටි.එච් ග්‍රින්-

> නීතියේ මූලාශ්‍ර කිහිපයකි,

1.ව්‍යවස්ථාදායකය 2.අධිකරණය 3.යුක්තිය 4.ආගම හා සිරිත් විරිත් 5.නීති විශාරදයින්ගේ මතවාද