Back

ⓘ ගංගාරාමය. විහාරයේ වාස්තු ලක්ෂණ සැලකීමේදී ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පය කැපී පෙනුනද ඉන්දියානු, තායිලන්ත හා චීයන රටවල වාස්තු ලක්ෂණද මෙහි දැක ගත හ ..




ගංගාරාමය
                                     

ⓘ ගංගාරාමය

විහාරයේ වාස්තු ලක්ෂණ සැලකීමේදී ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පය කැපී පෙනුනද ඉන්දියානු, තායිලන්ත හා චීයන රටවල වාස්තු ලක්ෂණද මෙහි දැක ගත හැකිය.

සෞම්‍ය හා රමණීය භූමියක පිහිටි මෙම විහාරයේ සමහර ඉදිකිරීම් බේරෙ වැව මතුපිටට වන්නටද ඉදිකොට තිබේ. විහාරස්ථිනයේ මූලිකාංග ලෙස චෙත්‍යය දාගැබ, බෝධිය, විහාර මන්දිරය, සීමා මාලකය සහ ධාතු මන්දිරය දැක ගත හැකියි. තවද කෞතුකාගාරයක්, පුස්ථකාලයක්, තෙමහල් පිරිවෙනක්, අධ්‍යාපන ශාලාවක් සහ දාන ශාලාවක්ද විහාර භූමියේ ඉදි කොට පවතී.

විහාරයේ කැපී පෙනෙන වාස්තු ඉදි කිරීමක් වූ සීමා මාලකයේ නිර්මාණ කටයුතු සිදු කර ඇත්තේ ජෙෆ්රි බාවා විසිනි.

                                     

1. විහාරයේ පසිඳු හිමිවරුන්

ගංගාරාම විහාරය, විද්‍යාර්ථ පඬිවරුන් වූ රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි, වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි, වැලිගම ශ්‍රී සුමංගල හිමි, වැලිවිටියේ ධර්මරතන නාහිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසකට සෙවණ සලසා තිබේ.

                                     

2. ඉතිහාසය

19 වන සියවසේ ප්‍රසිද්ධ නාවුක වෙලෙන්දෙකු වූ දොන් බැස්ටියන් ද සිල්වා ජයසූරිය ගුණවර්ධන මුදලි විසින් මාතර ශ්‍රී ධර්මාරාම නාහිමියන්ට විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා මෙම ඉඩම මිලට ගෙන විශාල වියදමක් දරා භූමිය සකස් කොට දාගැබ, මකර තොරණ සහ ප්‍රව්ශ්ඨ දොරටුවේ සඳකඩ පහන ඉදිකරණ ලදී. විහාරයේ රෝපිත, අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ අංකුරයක් වූ බෝධීන් වහන්සේද රෝපනය කොට ඇත්තේද මෙම මුදලිතුමා විසිනි. මීට අමතරව තෙමහල් දම් සභයක් හා විහාරය වටා වැටක්ද ඔහු විසින් ඉදි කෙරිණි.

                                     

3. වර්ථමාන කටයුතු

වර්ථමානයේ ගංගාරාම විහාරය වන්දනා කරණ ස්ථානයක් පමණක්ම නොව ධහම් අධ්‍යාපනය ලබා දෙන ස්ථානයක් හා බෞද්ධ සුබ සාධන මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියා කරයි. විදෙස් රටවල් වෙතටද බෞද්ධ ධර්මය ගෙනයාමේ අරමුණින් ඇමරිකාවේ නිව්යෝක් සහ ටැන්සානියාව තුල බෞද්ධ මධ්‍යස්ථාන පිහිටුවීමටද මෙම විහාරය දායක වී තිබේ.

                                     

4. භාහිර සබැදි

  • Gangaramaya Temple
  • Gangaramaya Nawam Maha Perahera 2013
  • Don Bastian de Silva Jayasuriya Goonewardane
  • Gangaramaya Podi Hamuduruwo - Monk with a Purpose
  • Navam Maha Perahera