Back

ⓘ E01 අධිවේගී මාර්ගය, ශ්‍රී ලංකාව. කොළඹ–මාතර අධිවේගී මාර්ගය, දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය නැතහොත් දක්ෂිණ අධිවේගිය ශ්‍රී ලංකාව තුල ඉදිවූ පලමු E වර්ගයේ මාර්ගයයි. දිග1 ..




E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)
                                     

ⓘ E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)

කොළඹ–මාතර අධිවේගී මාර්ගය, දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය නැතහොත් දක්ෂිණ අධිවේගිය ශ්‍රී ලංකාව තුල ඉදිවූ පලමු E වර්ගයේ මාර්ගයයි. දිග126 km ක් වන මාර්ගය ශ්‍රී ලංකාවේ අග නගරය වන කොළඹ සහ දිවයිනේ දකුණේ ප්‍රදානතම නගරයක් වන මාතර, සම්බන්ධ කරමින් දිවෙයි. මාර්ගයේ ඉදිකිරීම් 2006 වසරේදී අරඹන ලදී. මාර්ගයේ පළමු අදියර ලෙස කොට්ටාව සිට පින්නදූව දක්වා කොටස 2011 නොවැම්බර් 27 දිනත් දෙවන අදියර ලෙස ඉදිකල පින්නදූව සිට ගොඩගම දක්වා වූ කොටස 2014 මාර්තු 15 වන දිනත් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් විවෘත කර ජනගත කරන ලදී. සාමාන්‍ය මාර්ග භාවිතයෙන් කොළඹ සිට මාතර දක්වා ගමන් කිරීමට පැය 4 ක් පමණ ගත වූවත් අධිවේගී මාර්ගය භාවිතයෙන් එම දුර පැය 2 කටත් වඩා අඩු කාලයකින් නිම කිරීමට හැකියාව පවතී.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා දිවෙන මාර්ගයේ මාතර සිට බරවාකුඹුක දක්වා ඇති කිලෝමීටර් 56 කින් යුතු මාර්ග කොටස 2020.02.23 දින අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් විවෘත කර ජනගත කිරීමත් සමග දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මුළු දුර කිලෝමීටර් 222 කි.ඒ අනුව අඩු කාලයකින් කොළඹ සිට කතරගම දක්වා ගමන් කිරීමට අවස්ථාව ලැබී ඇත.