Back

ⓘ බහායි විශ්වාසය යනු ඒක දේව වාදී ආගමක් වන අතර සමස්ත මානව වර්ගයාගේ අධ්‍යාත්මික එකමුතුව අවධාරණය කරයි. බහායි උගැන්වීම් සහ මතවාදය පදනම් වන්නේ හරාත්මක මූලධර්ම තුනක් මත ..




බහායි විශ්වාසය
                                     

ⓘ බහායි විශ්වාසය

බහායි විශ්වාසය යනු ඒක දේව වාදී ආගමක් වන අතර සමස්ත මානව වර්ගයාගේ අධ්‍යාත්මික එකමුතුව අවධාරණය කරයි. බහායි උගැන්වීම් සහ මතවාදය පදනම් වන්නේ හරාත්මක මූලධර්ම තුනක් මතය: දෙවියන් වහන්සේගේ එකමුතුව, එනම් සියළු මැවිල්ලෙහි මූලය වන්නාවූ එක් දෙවියන් වහන්සේ කෙනෙක් වැඩ සිටින බව; ආගම්වල එකමුතුව, සියළු ප්‍රධාන ආගම් එකම අධ්‍යාත්මික මූලය සහිත වන අතර එකම දෙවියන් වහන්සේ වෙතින් පැන නැගුනු බව සහ; මානව වර්ගයාගේ එකමුතුව, සමස්ත මානවයන් සමාන ලෙසින් මවනු ලැබ ඇති බවත් සහ, වාර්ගික සහ සංස්කෘතික ලෙසින් පවතින විවිධත්වය අගය කිරීමක් සහ පිළිගැනීමක් තුලින් වටහා ගත යුතු බවත්ය.