Back

ⓘ සුරතාන්තය යනු ලිංගික ප්‍රතිචාර චක්‍රය තුලදී සමුච්චිත ලිංගික ආතතිය ක්ෂණිකව මුදාහැරීම වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් උකුළු පෙදෙසෙහි රිත්මයානුකූල මාංශ පේශි හැකිලීම ..




                                     

ⓘ සුරතාන්තය

සුරතාන්තය යනු ලිංගික ප්‍රතිචාර චක්‍රය තුලදී සමුච්චිත ලිංගික ආතතිය ක්ෂණිකව මුදාහැරීම වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් උකුළු පෙදෙසෙහි රිත්මයානුකූල මාංශ පේශි හැකිලීම් හා සමගින් රතිය අතිමහත් ලෙසින් සංවේදනයක් සිදුවෙයි. පුරුෂයන් හා ස්ත්‍රීන් යන දෙවගයටම අත්විඳිය හැකි සුරතාන්ත පාලනය වන්නේ අනිච්ඡානුග හෝ ස්වයංසාධක ස්නායු පද්ධතිය මගිනි. වෙනත් අනිච්ඡානුග ක්‍රියාවන්ද බොහෝවිට මේවා සමග ආශ්‍රිතව සිදුවන අතර, කයෙහි බහුවිධ ප්‍රදේශයන්හී මාංශ පේශීමය ගැස්මන්, සාමාන්‍ය ප්‍රමුදිත හැඟීමක් සහ, බොහෝ විට, කාය චලනයන් සහ හඬ නැගීම් සිදුවීමද මේවා අතර වෙති.