Back

ⓘ ප්‍රංශ භාෂාව ලතින් භාෂාවෙන් බිඳුණු භාෂා සමූහයෙන් එකකි. එම භාෂාවන් රොමැන්තික භාෂා යැයි ද නම් වෙයි. මෙය ප්‍රංශයේ පළමු භාෂාවයි. එසේම ස්විට්ස්සර්ලන්තයේ රොමැන්ඩි පෙද ..




ප්‍රංශ භාෂාව
                                     

ⓘ ප්‍රංශ භාෂාව

ප්‍රංශ භාෂාව ලතින් භාෂාවෙන් බිඳුණු භාෂා සමූහයෙන් එකකි. එම භාෂාවන් රොමැන්තික භාෂා යැයි ද නම් වෙයි. මෙය ප්‍රංශයේ පළමු භාෂාවයි. එසේම ස්විට්ස්සර්ලන්තයේ රොමැන්ඩි පෙදෙසේ, බෙල්ජියමේ වැලෝනියා සහ බ්‍රසල්ස් හි සහ මොනාකෝ යන යුරෝපා රටවල් වල භාවිතා වෙන්නකි. කැනඩාවේ ඇකේඩියා පළාතේ හා කුවෙබෙක් ප්‍රාන්තයේ ද භාවිතා වන ප්‍රංශ බස ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊසාන දිග මේන් ප්‍රාන්තයේ පිහිටි ඇකේඩියා පළාත් හි ද පාවිච්චි වෙන්නකි. ඊට අමතර ව ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුයිසියානා ප්‍රාන්තයේ ද එරට තුල හයිතිය වැනි ප්‍රංශ කතා කරන සුළු ජාතික ජන සමාජ වල ද භාවිතා වන්නකි.

                                     

1. යුරෝපය

ප්‍රංශ බස යුරෝපයේ 4වැනියට විශාල ලෙස ව්‍යවහාරිත භාෂාව යි. වාණීජ්‍ය, රාජ්‍ය, සාහිත්‍යමය හා විද්‍යාත්මක කටයුතු සඳහා අන්තර්ජාතික භාෂාවක් ලෙස ඈත අතීතයේ සිට ම යුරෝපය පුරා භාවිතා වී ඇත.