Back

ⓘ මිනිස් ඇස යනු ආලෝකයට සංවේදී අවයවයකි.ආලෝකයේ හැසිරීම මගින් බාහිර සංවේදනයන් මොළයවෙත ලබාදීම මෙමගින් සිදුවේ. මෙය පෙනුම ලබාදෙන සංවේදී ඉන්ද්‍රියකි.මිනිස් ඇසෙහි ඇති යෂ් ..




මිනිස් ඇස
                                     

ⓘ මිනිස් ඇස

මිනිස් ඇස යනු ආලෝකයට සංවේදී අවයවයකි.ආලෝකයේ හැසිරීම මගින් බාහිර සංවේදනයන් මොළයවෙත ලබාදීම මෙමගින් සිදුවේ.

මෙය පෙනුම ලබාදෙන සංවේදී ඉන්ද්‍රියකි.මිනිස් ඇසෙහි ඇති යෂ්ටි සෛල මගින් සුදු පැහැයත් කේතු සෛල මගින් ආලෝකයේ ඇති අනෙකුත් වර්ණත් හඳුනාගනී.මෙම සෛල යුග්මග පිහිටා ඇත්තේ දෘෂ්ටිවිතානය තුලයි.මෙම කේතු සෛලවල ආදාරයෙන් මිනිසාට පරිසරයේ පවතිව වර්ණ මිලියන 10 හමන හඳුනාගත හැකිය. යෂ්ටි සෛල රාත්‍රි කාලයේදී වඩාත් සක්‍රීයවන අතර කේතු සෛල දිවා කාලයේ වඩාත් සක්‍රීයවේ.

මිනිස් ඇසට ලැබෙන ආලෝකය පාලනය කිරීම සදහා කණිනිකාවේ ප්‍රමාණය වෙනස්වීම සිදුවේ.ආලෝකය වැඩි අවස්ථාවල කණිනිකා සිදුර කුඩාවන අතර ආලෝකය මඳවූවිට කණිනිකා සිදුර විශාලවේ.

                                     

1. ප්‍රධාන ලක්‍ෂණ

ඇස ගණිතමය ගෝලයක් නොවේ,එය ප්‍රධාන කොටස් දෙකකට වෙන්කලහැක.ඉදිරියෙන්ම පිහිටි සුදු පැහැති වක්‍රාකාර බාහිර කොටස ස්වෙච්ඡය හෙවත් සුදු ඉංගිරියාව ලෙස හඳුන්වයි.අසේ බහිර කොටසේ මැද්දට වන්නට තාරාමණ්ඩලය පිහිටයි.මෙය බොහෝවිට කලු පැහැතිය.ඇතැම් අයගේ නිල් පැහැයට හුරු තාරාමණ්ඩලයක්ද දැකියහැක.තාරාමණ්ඩලය මැදට වන්නට කණිනිකා සිදුර පිහිටා ඇත.එමගින් ඇසට ආලෝකය ඇතුලුවේ.ඇස තුලට පැමිනෙන ආලෝකය පාලනය කිරීමටද තාරාමණ්ඩලයට හැකියාව ඇත.කණිනිකා සිදුරෙන් අසට ඇතැලුවන ආලෝකය යලි පරාවර්තනය නොවීම සදහා ස්වෙච්ජය සුදු පැහැවී ඇත.එමනිසා ආලෝකය පිටතට යෑම වලකී.

මාන

වැඩිහිටියන් අතර මාන වෙනස් වනුයේ මිලිමීටර කිහිපයකිනි.

                                     

2. දර්ශන පරාසය

මිනිස් ඇසේ දර්ශන පරාසය 95° ඉවතට, 75° පහළට, 60° ඇතුළට, 60° උඩට. 12–15° පමණ temporal and 1.5° below the horizontal is the optic nerve or අන්ධ බිංදුව දළ වශයෙන් උස 7.5°ක් හා පළල 5.5° කි.

                                     

3. අැස් සෙලවීම

.කණීනිකාව විශාලත්වය වෙනස් කිරීම හා අක්ෂි ප්‍රතියෝජනය.

පැහැදිලි දෘෂ්ටියක් ඇති වීම සඳහා ඇස තුළට ඇතුළු වන ආලෝක කිරණ ප්‍රමාණය පාලනය කිරීම අවශ්‍ය වේ.ඒ සඳහා කණිකා සිදුවේ විශාලත්වය වෙනස් කිරීම තාරා මණ්ඩලය මගින් සිදු කරයි.එය ස්වයං සාධක ස්නායු පද්ධතිය මගින් යාමනය වේ. දෘෂ්ටි විතානය මත ආලෝක කිරණ නාභිගත කිරීම දුර පිහිටි වස්තු වල සිට එන ආලෝක කිරණ වලට අවම වර්තනයක් අවශ්‍ය වන අතර ආසන්නයේ පිහිටි වස්තු වල සිට එන ආලෝක කිරණ සඳහා වැඩි වර්තනයක් අවශ්‍ය වේ. ේ නිසා අවිදුර දෘෂ්ටිය සඳහා ඇස් වල යම් සියලු මාරුවක් අවශ්‍ය වේ.ඉහළ ආලෝක ත්‍රී වතාවලදී ඇස තුළට වැඩිපුර ආලෝකය ඇතුළු වී සංවේදී දෘෂ්ටි විතානයට හානි වීම වැළැක්වීම සඳහා කණිනිකාව සංකෝචනය වේ.අඩු ආලෝක ත්‍රී watawala වතාවලදී ප්‍රකාශ ප්‍රතිග්‍රහක සක්‍රිය කර අවසානයේදී දෘෂ්ටිය ඇති කිරීමට තරම් ප්‍රමාණවත් ආලෝකයක් ඇස තුළට ඇතුළුවීම සඳහා කණිනිකාව විස්තාරණය වේ.අක්ෂි ගෝලයේ චලනය කිරීම. අභිසාරිතාව ළඟ පිහිටි වස්තුවලින් පරාවර්තනය වී පැමිණෙන ආලෝක කිරණ ඇස් දෙකට වෙනත් කෝණවලින් ඇතුළු වේ.පැහැදිලි දෘෂ්ටියක් සඳහා ඇස් දෙකෙහිම දෘෂ්ටි දෘෂ්ටි විතානයන්හි අනුරූප ප්‍රදේශ උත්තේජනය විය යුතුය අක්ෂි ගෝලය හා සවි වී ඇති පේශි මඟින් අභිසාරිතාව ලබා ගැනීම සඳහා අක්ෂි ගෝල භ්රමණය කරයි,මෙය ස්වයං සාධක ස්නායු පද්ධතියෙන් යාමනය වේ.අක්ෂි කාච වර්තන බලය වෙනස් කිරීම. නිවැරදිව දෘෂ්ටි විතානය මත නාභිගත කිරීම සඳහා වස්තුව පිහිටන දුර අනුව කාචයේ වක්‍රතාව වෙනස් කිරීම අක්ෂි ප්‍රතියෝජනය යි.මෙය සිදු කරනුයේ ප්‍රතියෝජක පේශී සංකෝචනය සහ ඉහිල් කිරීම මඟිනි.අවිදුර දෘෂ්ටිය දී. ප්‍රතියෝජක දේහයට සම්බන්ධ ප්‍රත්‍යානුවේගී ස්නායු සැපයුම මගින් ප්‍රතියෝජක පේශිය සංකෝචනය වේ.ප්‍රතියෝජක දේහය අක්ෂි කාෂ්ඨිය දෙසට චලනය වේ.මෙහි ප්‍රතිඵලය ලෙස අක්ෂි කාචය මත අවලම්බක බන්ධනිය මඟින් මඟින් ඇති කරන ඇදීම අඩුයි.එවිට කාච උත්තල තව වැඩි වෙයි.මේ නිසා ළඟ පිහිටි වස්තුවල සිට පැමිණෙන ආලෝක කිරණ දෘෂ්ටි විතානය මත නාභිගත වේ.දුර දෘෂ්ටියේ දී. දුර පිහිටි වස්තුවක් දෙස බලන විට ප්‍රතියෝජක පේශි ඉහිල් වේ.එවිට ප්‍රතියෝජක දේහය අක්ෂි කාච ඉවතට තල්ලු වේ.එවිට අක්ෂි කාචය මත අවලම්බක බන්දනී මගින් ඇති කරන ඇදීම වැඩිවේ.මෙහි ප්‍රතිඵලය ලෙස කාච උත්තල තාව අඩුයි.එවිට දුර පිහිටි වස්තුවල සිට පැමිණෙන ආලෝක කිරණ දෘෂ්ටි විතානය මත ට නාභිගත වේ.