Back

ⓘ ගඟ. ගංඟාවක් ආරමිභය කවදා කේසේ සිදු වුයේ දැයි ස්ථ්‍ර්‍රවම ප්‍රකාශ කළ නොහැක. මුල් කාලයේ ගංඟාවක් ලෙස හැදින්වුයේ නිශ්චිත ඉවුරැ ඇති ගලා යන විශාජල කඳකි. මි‍ට වසර මිලිය ..




                                               

2016 චීන ජලගැලීම්

2016 ජූනි මස මැද භාගයෙහිදී, දකුණු දිග චීනය වෙත ඇද හැලුණු දැඩි වර්ෂාපතනය නිසා, මහත් ව්‍යසනකාරී ජලගැලීම් ආරම්භ විය. මෙයට අමතරව ඊළඟ මාසය පුරාවටම ඇද හැලුණු වර්ෂාපතනයන් නිසා ඇතිවූ ජලගැලීම් වෙතින් රටෙහි තවත් කොටස් වලට බලපෑම් ඇති කෙරිණි. යැංසි ගඟ සහ හ්වයි ගඟ දෙපස ප්‍රදේශ විශේෂයෙන් දැඩි ව්‍යසනයට ගොදුරු විය. පළාත් 26 ක් පුරා ඇස්තමේන්තුගත මිලියන 32 ක ප්‍රමාණයක ජනයා මෙයින් පීඩාවට පත්වූ අතර 186 දෙනෙකු මිය ගියහ. 700.000 අක්කර ප්‍රමාණයක වගා බිම් විනාශවූ අතර, හානිය පිළිබඳ රජය විසින් ඇස්තමේන්තුගත මුදල US.73 බිලියන පමණ වෙයි. රට තුල මෙතරම් දරුණු ජලගලීම් මින් පෙර වූයේ 1998 වසරෙහිදී විය.

                                               

පස්යොදුන් කෝරළය

යොදුන් පහක දිග ප්‍රමාණයක් සහිත එලෙසම පළලින් ද යුත් පාලන ප්‍රදේශයක් ලෙසට මෙය හැඳින්වේ. යොදුනක් සාමාන්‍යයෙන් සැතපුම් සතරකි. පොළොන්නරු යුගයේ පාලන දිසාවන් බෙදීමේ දී දක්ඛිණ දිශාව නමින් ප්‍රදේශයක් විය. එහි ආරම්භය දැදුරු ඔයෙනි. මෙම දිශාවට අනුගත වුණූ කුඩා පරිපාලන ඒකකයක් ලෙසට පස්යොදුන් රට නොහොත් පංච යෝජන රට්ඨ පැවති බව මහාවංශයේ සඳහන් වේ.මෙලෙස මුල් කාලයේ දී පස් යොදුන් රට ලෙසට හැඳින්වුවද කොට්ටේ රාජධානි අවදියේ දී කෝරළ හා පත්තු වශයෙන් නැවත පරිපාලන ප්‍රදේශ බෙදීමක් සිදු වී ඇත. එහිදී රයිගම් කෝරළය පස් යොදුන් කෝරළය වලල්ලාවිටි කෝරළය සහ කලුතර තොටමුණ වශයෙන් පැරණි පස් යොදුන් රට විභේදනය වී ඇත.කලු ගංගාව එක් පසෙකින ...

ගඟ
                                     

ⓘ ගඟ

ගංඟාවක් ආරමිභය කවදා කේසේ සිදු වුයේ දැයි ස්ථ්‍ර්‍රවම ප්‍රකාශ කළ නොහැක. මුල් කාලයේ ගංඟාවක් ලෙස හැදින්වුයේ නිශ්චිත ඉවුරැ ඇති ගලා යන විශාජල කඳකි. මි‍ට වසර මිලියන ගණනකට ඉහත පෘතුවිය නිර්මාණය වු සමයේ එය වුණු වු ගිණි බෝලයක්ව තිබ්ණි. එම අවධියේ දිර්ඝ කාලයක්ව පැවැති මහා වර්ෂා ඒමතට ඇද හැළුණු නිසා එය සිසිල් වි පහත් ස්ථාන පිරි මුහුදු ඇති විය. පෘතුවියේ උස් තැන්වල සිට මුහුදූ දක්වා මහා ජල ධාරා දගර ගැසෙමින් ගලා ගියේය.කල් ගත විමත් සමග මේ ජලය ගැලු මාර්ගවල ගැඹුරැ සහ පළල වැඩි ව් ගමන්මගෙහිද වෙනස්කමි සිදු විණ.

දැන් බෝහෝ ගංඟා අරමිභ වන්නේ වනාන්තර සහිත කදුවලිනි. එම ප්‍රදේශවලට අනෙක් ප්‍රදේශවලට වඩා වැස්ස වැඩිය.මතුපිට වැසි ජලයත් වැඩි ජලය පොළොවට උරා ගැනිමෙන් ඇති වන උල්පත් වල ජලයත් එක්වි සැදෙනක කුඩා ජල ධාරා අතරමගදි තව තවත් ජලය ලබා ගෙන පිළිවෙලින් ඇළ දෙළ ඔය නදි ගංඟා සහ මහා ගංඟා බවට පත්වේ.

කදු මුදුන්වල රැදුණු හිම තටිටු උණු විට ඒ ජලයද එසේ ජල ධාරා සේ ගලා බැස ගංඟා තනයි.විශාල ග්ලැසියර්Glaciersහෙවත් හිම තටිටු කදුවල ඉහළ සිට පහළට රැටා එන විට ඒවා නිසා හැරෙන මාර්ග ගංඟා බවට පත්වේ.

මේ කවර මුලාශ්‍රයකින් ඇරඹුණත් ගඟක ආරමිභක ප්‍රදේශය පටුය. නොගැඹුරැය. ජලය ගලන්නේද සෙමිනි. එය ඉදිරියට ගලත්ම තවත් ජල ධාරා එක් වි ජලය වැඩි වෙයි. එසේම එහිදි ගමනද වේගවත් වේ.එහිදි පස හැරි සේදි යෑම නිසා එහි ගැඹුර සහ පළල වැඩි වේ. ගංඟාව මුහුදට ගලා බසින ස්ථානයට ළං වන්නට ගංඟාවක වේගය හා ගැඹුර අඩු වේ. එයට හේතුව ගං පකුලේ විශාල වශයෙන් පස් තැන්පත් වි ගංඟ ගොඩ වීමයි.ඇතැම් අවස්ථාවලදි ගංඟ ශාඛා කිහිපයකට බෙදි මුහුදට වැටෙයි.

Nadugala
                                               

Nadugala

එම නම සෑදී ඇත්තේ එහි තිබෙන ගලකට තට්ටු කළ විට ලැබෙන නාදය නිසා එහි නාමය නාදගල යන්න නාදුගල නම් විය. එය මාතර දිස්ත්‍රික්කයට 5km පමණ දුරකින් පිහිටා ඇත. එහි නාදුගල විද්‍යාලය පිහිටා ඇත. නාදුගල මාතර තිහගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ග්‍රාමයකි. එම ග්‍රාමය අසලින් නිල්වලා ගඟ ගලා බසී.