Back

ⓘ කථන චිකිත්සාව. කථන හා භාෂා ව්‍යාධි විද්‍යාවෙහි භාවිතය පහත ආකාර වේ. රෝගාබාධ වළකා ගැනීම, විමර්ශනය, උපදෙස් ලබාදීම, රෝග නිර්ණය කිරීම, ප්‍රතිකාර කිරීම, අදාල ක්‍රියා ..




කථන චිකිත්සාව
                                     

ⓘ කථන චිකිත්සාව

කථන හා භාෂා ව්‍යාධි විද්‍යාවෙහි භාවිතය පහත ආකාර වේ.

  • රෝගාබාධ වළකා ගැනීම, විමර්ශනය, උපදෙස් ලබාදීම, රෝග නිර්ණය කිරීම, ප්‍රතිකාර කිරීම, අදාල ක්‍රියා මාර්ග ගැනීම හා රෝගියා සුව වීමෙන් පසුව වුවද තොරතුරු ලබාගැනීම සඳහා භාවිතා වේ. ඒවා නම් ;
  • භාෂාව මෙහිදී වාචික, ලිඛිත, රූප සහ දෑත් භාවිතා කරමින් අදහස් හා හැගීම් ප්‍රකාශ කිරීම සහ පුර්ව සාක්ෂරතාව හා භාෂාව හා සම්බන්ධ ස‍ාක්ෂරතා හැකියාවන් පිළිබඳව විස්තර කෙරේ.
  • සන්නිවේදනයෙහි ඥානාත්මක අංගයන්
  • සන්නිවේදනය, ගිලීම හෝ ජීරණ පද්ධතියෙහි ඉහළ කොටසෙහි ක්‍රියාකාරීත්වයන් වැනි සංවේදනය හා සම්බන්ධ ක්‍රියාකාරීත්වයන්.
  • කථනය
  • ගිලීම සහ ආහාර ජීරණ පද්ධතියේ ඉහළ කොටසෙහි ක්‍රියාකාරීත්වයන් වල ඇති වන අක්‍රමිකතා.
  • සන්නිවේදන හැකියාවන් වැඩිදියුණු කරගැනීම සහ ඒ සඳහා අවශ්‍ය සේවාවන් සැපයීම.
  • ශ්‍රවණාබාධ ඇති රෝගීන් සහ ඔවුන් රැකබලා ගන්නන් හට සේවයක් සැපයීම. සහ බාහිර පරිසරය පිළිබඳව සාකච්ඡා කිරීම මගින් සන්නිවේදනය, ගිලීම සහ අනෙකුත් ආහාර ජීර්ණ පද්ධතියේ ඉහළ කොටසෙහි සිදුවන ක්‍රියාකාරීත්වයන් නිසි පරිදි පවත්වා ගෙන යාම.
  • විකල්ප, වඩාත් වර්ධනය වු සංනිවේදන ක්‍රමයක් ඇති කිරීම සහ එවන් ක්‍රමයක් වර්ධනය, තෝරා ගැනීම හා නිර්දේශ කිරීම සඳහා ක්‍රමෝපායන් ගොඩ නැංවීම.
  • විවිධ සංස්කෘතික වටපිටාවක් සහිත පුද්ගලයින් හට ඇති අවශ්‍යතා හඳුනාගැනීම සහ ඔවුන් සඳහා නිසි රෝග නිර්ණය ක්‍රමයන් ලබාදීම සහ නිසි පරිදි ප්‍රතිකාර ක්‍රම ලබාදීම.