Back

ⓘ සමස්ථානික. එකම මූලද්‍රව්‍යයක වෙනස් නියුට්‍රෝන සංඛ්‍යාවන් සහිත වෙනස් පරමාණුක න්‍යෂ්ටීන් පවතී නම් ඒවා සමස්ථානික ලෙස හැඳින්වේ. එනම් සමස්ථානික වල සමාන ප්‍රෝටෝන සංඛ් ..




                                               

ටින්

ටින් යනු, Sn යන සංකේතය සහිත පරමාණුක ක්‍රමාංකය 50 ක් වන රසායනික මූලද්‍රව්‍යයකි. එය, ආවර්තිතා වගුවෙහි 14වන කාණ්ඩයෙහි ප්‍රධාන කාණ්ඩ ලෝහයකි. ටින් මූලද්‍රව්‍යය සහ එය සමීපයෙහි පිහිටන කාණ්ඩය-14 මූලද්‍රව්‍යයන් වන, ජර්මේනියම් සහ ලෙඩ් යන මූලද්‍රව්‍යයන් අතර රසායනික සමරූපතාවයක් දක්වනු ලබයි. +2 සහ එයට වඩා ස්වල්පයක් ස්ථායි ස්වභාවයක් දක්වන +4 යන ඔක්සිකරණ තත්ත්වයන් දෙකක් ටින් මූලද්‍රව්‍යයට සතු විය හැක. ටින් යනු, සුලභ්‍යත්වය අතින් 49වන ස්ථානය ගන්නා මූලද්‍රව්‍යය වන අතර, ස්ථායි සමස්ථානික 10 කට හිමිකම් පාමින්, ආවර්තිතා වගුවෙහි වඩාත්ම ස්ථායි සමස්ථානික සතු වන්නාවූ මූලද්‍රව්‍යය වෙයි. රිදීවන්, ආහන්‍ය, පශ්චාත්-ආන් ...

සමස්ථානික
                                     

ⓘ සමස්ථානික

එකම මූලද්‍රව්‍යයක වෙනස් නියුට්‍රෝන සංඛ්‍යාවන් සහිත වෙනස් පරමාණුක න්‍යෂ්ටීන් පවතී නම් ඒවා සමස්ථානික ලෙස හැඳින්වේ. එනම් සමස්ථානික වල සමාන ප්‍රෝටෝන සංඛ්‍යාවක් තිබුණ ද වෙනස් නියුට්‍රෝන සංඛ්‍යාවන් ඇත. ස්වභාවිකව පවතින බොහෝ මූලද්‍රව්‍ය සඳහා එක් ස්ථායී සමස්ථානිකයකට වඩා වැඩි ප්‍රමාණයක් ඇත. උදාහරණයක් ලෙස කාබන්වලට නියුට්‍රෝන 6ක්, 7ක්, හා 8ක් ඇති ප්‍රධාන සමස්ථානික තුනක් ඇත.

සමස්ථානික හඳුන්වන්නේ මූලද්‍රව්‍යයේ නම අගට කෙටි ඉරක් සහ සමස්ථානිකයේ ස්කන්ධ ක්‍රමාංකය ලිවීමෙනි.

බොහෝ මූලද්‍රව්‍යවල සමහර සමස්ථානික විකිරණශීලී වන අතර ඇල්ෆා අංශු හෝ බීටා අංශු විමෝචනය කිරීම මගින් වෙනත් මූලද්‍රව්‍යයන්ට තත්වාන්තරණය වේ. උදාහරණයක් ලෙස කාබන්-14 විකිරණශීලී වේ. සමහර මූලද්‍රව්‍යවල සියලුම සමස්ථානික විකිරණශීලී සමස්ථානිකයි. ටෙක්නීෂියම් පරමාණුක ක්‍රමාංකය 43, ප්‍රොමේතියම් පරමාණුක ක්‍රමාංකය 61 සහ පරමාණුක ක්‍රමාංකය 82 ට වැඩි නිරීක්ෂිත සියලුම මූලද්‍රව්‍යය වල සියලුම සමස්ථානික විකිරණශීලී වේ.

ස්ථිර සමස්ථානික සහිත මූලද්‍රව්‍ය 80 න් 16 කම ඇත්තේ එක් ස්ථායී සමස්ථානියක් පමණි. ස්ථායී මූලද්‍රව්‍ය 80 සඳහා ස්ථායී සමස්ථානිකවල මධ්‍යනය අගය එක් මූලද්‍රව්‍යයකට ස්ථායී සමස්ථානික 3.4ක් වේ. මූල ද්‍රව්‍යයකට ඇති ස්ථායී සමස්ථානික උපරිම සංඛාවක් ඇති ටින් පරමාණුක ක්‍රමාංකය 50 මූලද්‍රව්‍යයට ස්ථායී සමස්ථානික 10ක් ඇත.

                                               

හයිඩ්‍රජන්-1

හයිඩ්‍රජන් යනු සරළතම මූලද්‍රව්‍ය වෙයි. එහි පරමානුක ක්‍රමාංකය 1 වන අතර ස්කන්ධ ක්‍රමාංකයද එක වෙයි. එනම් හයිඩ්‍රජන් වල පවතිනුේ එක් electron සහ එක් protone පමනි.