Back

ⓘ රුධිර සංසරණ පද්ධතිය, මානව. මානව රුධිර සංසරණ පද්ධතියේ ප‍්‍රධාන කොටස් වන්නේ හෘදය වස්තුව රුධිරය හා රධිර නාල වේ. රුධිර සංසරණ පද්ධතිය පුප්ඵුශීය සංසරණය හෙවත් රුධිරය ඔ ..




                                     

ⓘ රුධිර සංසරණ පද්ධතිය (මානව)

මානව රුධිර සංසරණ පද්ධතියේ ප‍්‍රධාන කොටස් වන්නේ හෘදය වස්තුව රුධිරය හා රධිර නාල වේ. රුධිර සංසරණ පද්ධතිය පුප්ඵුශීය සංසරණය හෙවත් රුධිරය ඔක්සිජනීකරණය කිරීම පිණිස පෙනහලූ හරහා සංසරණයත්, සංස්ථානික සංසරණය හෙවත් සිරුරේ අනෙක් කොටස් වලට ඔක්සිජනීකෘත රුධිරය ලබා දීම ත් යන ආකාර දෙකකින් යුක්ත වේ. සාමාන්‍ය වැඩිහිටියෙකු ගේ සිරුරෙහි දළ වශයෙන් ලීටර 4.7- 5.7 පමණ රුධිරය අඩංගු වේ. එම රුධිරයෙහි ඇති ප්ලාස්මාවේ රතු රුධිර ෙසෙල සුදු රුධිර ෙසෙල හා රුධිර පට්ටිකා ඇත.සංසරණ පද්ධතිය හරහා රුධිරය හා වසා ලෙස ආකාර දෙකක ස‍්‍රාවයන් ගලනය වේ. රුධිරය හෘදය වස්තුව හා රුධිර නාල එක්ව රුධිර සංසරණ පද්ධතිය තනන අතර වසා වසා ගැටිති හා වසා නාල එක්ව වසා පද්ධතිය තනයි. රුධිර සංසරණ පද්ධතිය හා වසා පද්ධතිය එක්ව සංසරණ පද්ධතිය තනයි.

                                     

1. සංස්ථානික සංසරණය

ඔක්සිජනීකෘත රුධිරය හෘදය වස්තුවේ සිට සිරුර පුරා රැගෙන යාමත් ඔක්සිජනීහරිත රුධිරය නැවත හෘදය වස්තුව වෙත රැගෙන ඒමත් සංස්ථානික සංසරණයට අයත් වේ. රුධිරයෙහි ඔක්සිජන් මට්ටම කවරක් වුවත් ධමනි සෑම විටම හෘදය වස්තුවෙන් ඉවතට රුධිරය ගෙන යයි. ශිරා සෑම විටම ඒවා නැවත රැගෙන එයි. සමස්ථයක් ලෙස ධමනි ඔක්සිජනීකෘත රුධිරය පටක කරා ගෙයන බවත් ශිරා ඔක්සිජනීහරිත රුධිරය නැවත හෘදය වස්තුව වෙත රැගෙඑන බවත් සැළකිය හැක. කෙසේ වුවද පුප්ඵුශීය වාහිනී වලදී මෙම තත්වය වෙනස් වේ. පුප්ඵුශීය ධමනිය ඔක්සිජනීහරණය වූ රුධිරය හෘදය වස්තුවේ සිට පෙනහලූ වලට රැගෙයන අතර පුප්ඵුශීය ශිරාව ඔක්සිජනීකෘත රුධිරය නැවත හෘදය වස්තුවට ලබා දෙයි.

. රුධිරය සිරුර පුරා සංසරණය වන විට ඔක්සිජන් සහ පෝෂ්‍ය ද්‍රව්‍ය කේෂනාලිකා වටා ඇති සෛල තුලට විසරණය වේ. එසේම කාබන් ඩයොක්සයිඞ් එම සෛල හරහා කේෂනාලිකා වලට විසරණය වේ.රතු රුධිරානු වලින් ඔක්සිජන් මුදා හැරීම ක්ෂීරපායීන් තුල පාලනයකට ලක් වේ. පටක තුල ඇති කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රමාණය වැඩිවන විටත්, උෂ්නත්වය වැඩිවන විටත්, පී එච් අගය අඩුවන විටත් ඔක්සිජන් මුදාහැරීම වැඩිවේ. මෙබඳු ලක්ෂණ පෙන්වන්නේ වැඩි පරිවෘත්තීය ක‍්‍රියාකාරිත්වයක් පෙන්වන පටක වේ. එයට හේතුව ඒවාට වඩාත් වැඩි ඔක්සිජන් ප‍්‍රමාණයක් අවශ්‍ය වීම යි.

                                     

2. පුප්ඵුශීය සංසරණය

ඔක්සිජන් හරණය වූ රුධිරය හෘදය වස්තුවේ සිට පෙනහලූ තුලට රැගෙන යාමත්, නැවත ඔක්සිජනීකෘත රුධිරය හෘදය වස්තුවට රැගෙන ඒමත් පුප්ඵුශීය සංසරණයට අයත් වේ.ඔක්සිජනීහරණය වූ රුධිරය හෘදයේ දකුණු කර්ණිකාවෙන් ඇතුලූ වී දකුණු කෝෂිකාවට ගමන් කරයි. එහිදී එය පුප්ඵුශීය ධමනි හරහා පෙනහලූ තුලට පොම්ප කරයි. එසේ ඔක්සිජනීකෘත වූ රුධිරය ඉන්පසු පුප්ඵුශීය ශිරා හරහා පැමිණ වම් කර්ණිකාවෙන් හෘදය තුලට ඇතුලූ වී වම් කෝෂිකාවට ගමන් කරයි. වම් කෝෂිකාවෙන් රුධිරය සංස්ථානික මහා ධමනිය හරහා සිරුර පුරා පොම්ප කරයි.

                                     

3. කිරීටක සංසරණය

හෘදය වස්තුවට තහවුරුකිරීමේ තහවුරුකිරීමේ සංසරණය කිරීටක සංසරණය නම් වේ.

Dasun tarumal chandrasiri

129 pallegama atabage

Kingswood college kandy sri lanka

Grade -9D

u

                                     

4. හෘදය

හෘදය තුල සෑම සංසරණයක් සඳහා ම කර්ණිකාවක් හා කෝෂිකාවක් වෙන්වී ඇත. එම නිසා සංස්ථානික හා පුප්ඵුශීය සංසරණ ද්විත්වය සඳහා වම් කර්ණිකාව, වම් කෝෂිකාව, දකුනු කර්ණිකාව හා දකුණු කෝෂිකාව ලෙස හෘත් කුටීර හතරක් ඇත.

                                     

5. සංවෘත සංසරණ පද්ධතිය

මානව රුධිර සංසරණ පද්ධතිය සංවෘත එකකි. එනම් රුධිරය කිසිවිටෙක රුධිර නාල වලින් පිටතට ගමන් නොකරයි. ඔක්සිජන් සහ පෝෂ්‍ය ද්‍රව්‍ය මෙයින් වෙනස් ව රුධිර නාල බිත්ති හරහා විසරණය වී පටක තරලයට ගමන් කරයි. ඒ හරහා ඔක්සිජන් සහ පෝෂණය ඉලක්ක සෛල වෙතට ලබා දෙන අතර ඊට විරුද්ධ අතට කාබන් ඩයොක්සයිඞ් සහ බහිස‍්‍රාවී ද්‍රව්‍ය ගමන් කරයි. සංසරණ පද්ධතියේ අනෙක් කොටස වන වසා පද්ධතිය සංවෘත නැත