Back

ⓘ දෙවන එලිසබෙත් රැජින - ලංකාව. IIවන එලිසබෙත් රැජිණ එලිසබෙත් ඇලෙක්ක්සැන්ඩ්‍රා මේරි; උපත 1926 අප්‍රේල් 21 ශ්‍රී ලංකා භූමියේ රජ තනතුර දැරූ අවසාන පුද්ගලයාය. එතුමිය 19 ..




දෙවන එලිසබෙත් රැජින - ලංකාව
                                     

ⓘ දෙවන එලිසබෙත් රැජින - ලංකාව

IIවන එලිසබෙත් රැජිණ එලිසබෙත් ඇලෙක්ක්සැන්ඩ්‍රා මේරි; උපත 1926 අප්‍රේල් 21 ශ්‍රී ලංකා භූමියේ රජ තනතුර දැරූ අවසාන පුද්ගලයාය. එතුමිය 1952 පෙබරවාරි 6 දින සිට 1972 මැයි 22 දක්වා නිදහස් ලංකාවේ රජ ලෙස රාජ්‍ය නායක පදවිය දැරීය.

IIවන එලිසබෙත් රැජින මානව ඉතිහාසය තුල වැඩිම රටවල් සංඛ්‍යාවක රාජ්‍ය නායක පදවිය ඉසිලූ / උසුලන පුද්ගලයා වන අතර එම රටවල් සංඛ්‍යාව 32කි.

තම පියාගේ මරණයෙන් සිදුවූ 1952 පෙබරවාරි 6 දින මෙතුමිය එක්සත් රාජධානිය, ලංකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය යන රටවල් 7හි රජ පදවියට පත්විය.

දැනට වසර 2010 ස්වාධීන රාජ්‍යයන් 16ක කිරුළු වෙන් වෙන්ව separately සමානව equallyදරයි. සෛද්ධාන්තිකව දැනට ලොව සිටින වඩාත්ම බලතල සහිත පුද්ගලයා වන නමුදු ඇය සිය බලතල භාවිතාකිරීම ඉතා දුර්ලභය.

                                     

1. ලංකාවේ රැජින ලෙස

1952 පෙබරවාරි 6 දින VIවන ජෝජ් රජගේ මරණනින් පසු එංගලන්තයේ රජවූ IIවන එලිසබෙත් රැජින ලංකාවේද එවකට රජයේ එකම නිල බසින් මෙය සිලෝන් නම් වියරජ ලෙස පත්විය. එම රජ තනතුර නාම මාත්‍රික රජතනතුරක් විය.

                                     

1.1. ලංකාවේ රැජින ලෙස සිංහල රාජවංශික තත්‍වය ලබාදීම

1954 වසරේ සිංහල අළුත් අවුරුදු දින අප්‍රේල් 12 ලංකා පාර්ලිමේනතුව විශේෂ ස්ථානයක විශේෂ අයුරකින් රැස්විය. ස්ථානය කොළඹ නිදහස් චතුරස්‍රය චූ අතර සිංහල බෞද්ධ රාජසභාවක අකාරයට සකසා තිබුනි. ඔටුනු පලඳා රාජෝත්මිය සිංහාසනාරූඩ ගතවූ අතර රටේ නායිකාව ලෙස පාර්ලිම්න්තු සැසිවාරය විවෘත කිරීමේ කිරීටක දේශනය පවත්වන ලදී. අනතුරුව ස ඔලිව ගුණතිලක මහතා ජනතාව වෙනුවෙන් ප්‍රකාශක් කරමින් IIවන එලිසzබෙත් රැජින මෙවක් පටන් සිංහල රාජාවලියට ඇතුලත් කරගන්නා බවත් අපේම ස්වෛරීය සිංහල රැජිනක් සේ පිලිගන්නා බවත් රාජිණයට දන්වා සිටින ලදී. අනතුරුව සභානායක ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ස්තූති කතාව පවත්වා සභාව අවසන් කරන ලදී.

                                     

1.2. ලංකාවේ රැජින ලෙස 1971 කැරැල්ල

1971 දී ජනතා විමුක්ති පෙරමුණ පවතින රාජාණ්ඩුව පෙරලා ජනරජයක් පිහිටුවීම සඳහා සන්නද්ධ කුමන්ත්‍රනයක් දියත්කලද එය අසාර්ථක විය. එහිදී දහස් ගණනක් ජීවිත විනාශ විය. මහා රාජණියගෙ රාජාණ්ඩව පෙරලීමට කුමන්ත්‍රණයකිරීම චෝදනාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ නායක රෝහණ විජේවීර ඇතුළු 13දෙනෙකුට නඩු පවරා වැරදිකරු වූයෙන් සිරගතකරන ලදී.

                                     

1.3. ලංකාවේ රැජින ලෙස 1972 අණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

1972 මැයි 21 දින දක්වා එතුමිය ලංකා රාජධානියේ රජකම හෙබැවීය. 1972 මැයි 22 දින විප්ලවයක් සිදුකරමින් ජනරජ වයවස්ථාව ක්‍රියාත්මක කල අතර ජනරජයේ නාමමාත්‍රික නායකත්වය ජනාධිපති නමින් අළුතින් ඇතිකල තනතුරද පවරන ලදී. එම තනතුරට පත්කරන ලද්දේද එතෙක් රැජින නියෝජනය කල අගුණ්ඩුකාර පදවිය දැරූ පුද්ගලයාම වීම විශේෂත්වයකි.